• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාපාන හිමි ගැන කවුරුත් නොදත් කතාවක් ජනපති මතක් කරයි

November 23, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
නාපාන හිමි ගැන කවුරුත් නොදත් කතාවක් ජනපති මතක් කරයි
Share on WhatsAppShare on Facebook

අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු පාඩුවක් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහා නායක ධූරය හොබවන ලද හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරාධීශ්වර ශාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, විනය විශාරද, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය නාපාන පෙමසිරි මාහිමියන් වහන්සේගේ ආදාහන උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

සම්බුද්ධ ශාසනයට, රටට සමස්ත ලෝක බෞද්ධ ජනතාවට, ශ්‍රී ලාංකීය සමාජයට කළ උතුම් මෙහෙවර සිහිපත් කරන විට අප මහා නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම සමාජයට වගේම මටත් පෞද්ගලිකවත් වූ මහා පාඩුවක් ලෙස මම සලකනවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ලැබීම වටිනා ශාසනික යුතුකමක් ඉටුකරන අවස්ථාවක් හැටියටයි මම සලකන්නේ.

බුදු දහම වැනි වටිනා දර්ශනයක් සමාජගත කරමින් ඊටම අනුගත වූ සංස්කෘතියක් ගොඩනගා ශ්‍රී ලාංකීය ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වමින් එදා මෙදා තුර  අපවත් වී වදාල අතිපූජනීය නාපාන පේමසිරි මා හිමිපාණන්  වැනි ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය ඉටු කළ සේවාව කියා නිම කළ නොහැකි තරම් වටිනා කාර්යයක් බව මම තරයේ විශ්වාස කරනවා.

මහා නායක හාමුදුරුවෝ පිළිබඳව රාජ්‍ය නායකයා හැටියටත් මා තුළ තිබුණේ අසීමිත ගෞරවයක්. උන්වහන්සේ අඩුවෙන් කතා කළේ, එය “මිතභානී” ගුණයයි. අවශ්‍ය තැනට පමණක්, අවශ්‍ය කාරණයේ දී පමණක් උන්වහන්සේ කතා කළා. එහෙත් වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට, සමාජයට ඉටු කළා.

භික්ෂුන් වහන්සේ නමක් හැටියට ලැබිය යුතු සාම්ප්‍රදායික අධ්‍යාපනය නාපාන පේමසිරි මහා නායක හාමුදුරුවෝ ඉහළින්ම ලැබුවා. උතුම් පැවිදි දිවිය ඔපවත් කර ගැනීමට උන්වහන්සේට එය විශාල ශක්තියක් වුණා. සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන් පිළිබඳව උන්වහන්සේට තිබුණේ විශාරද දැනුමක්. එම දැනුම ඇසුරෙන් බුදු දහම පිළිබඳව මනා වැටහීමක් මහා නායක හාමුදුරුවෝ ලබා ගත්තා. අපේ  මහානායක හාමුදුරුවෝ ලාංකේය භික්ෂු පරපුරේ උදාර ගුණයන් බෞද්ධ ලෝකයටම ජීවමානව ප්‍රකට කළ මහා යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ කුඩා කල පටන් ශාසනික ප්‍රතිපදාවන් රකිමින් අධිෂ්ඨානශිලී ඒ සඳහා මහණ දම් පිරූ බව අපේ මහා නායක, අනුනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවලදී අනුදැන වදාළා.

අතිපූජනීය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් අනතුරුව නිකායේ මහා නායක පදවියේ වගකීම් උන්වහන්සේ දැරුවා. අපවත් වී වදාළ මහානායක හාමුදුරුවෝ නිකායේ නොයෙක් තනතුරු දරමින් විශාල ආභාෂයක් සහිතවයි මහා නායක පදවියට පත් වුණේ. ඒ  නිසා උන්වහන්සේ  මහා නායක පදවිය දැරූ කාලය තුළ විශාල වැඩ කොටසක් රාමඤ්ඤ මහා  නිකායට වගේම සිය නිකාය කේන්ද්‍ර කර ගනිමින් සම්බුද්ධ ශාසනයට ඉටු කළා.

මහානායක පදවිය බබළවන්නට උන්වහන්සේගේ ජීවිත දර්ශනයත්, සමාජ අත්දැකීම් සහ ශාසනික ප්‍රතිපදාවන් ඉවහල් කරගත් බව අපි දන්නවා.

  අපේ මහා නායක හාමුදුරුවන් සමාජ ගැටලු දෙස තීක්ෂණව බැලුවා. උන්වහන්සේ සිව්පසයෙන් ඇප උපස්ථාන කරන දායක කාරකාදීන් ආධ්‍යාත්මිකව පිරිපුන් කරන්න වගේම ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරන්නටත් වෙහෙසුණා.  සමිති සමාගම් රාශියක් ඒ වෙනුවෙන් ගම් දනව්වල ඇති කළා. ගමේ ක්‍රීඩා පිටිය, සමූපකාරය උන්වහන්සේ ගමට ලබා දුන්නා.

උන්වහන්සේ තුළ පැවතුන ධර්ම ඥානයට අපි ගරු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට විශාල ආශිර්වාදයක්. ඒ ආදර්ශවත් චරිතය මුළු මහත් සමාජයේම බුහුමනට ලක් වුනා.

ඒ තුළින් උන්වහන්සේ දහස් ගණනින් භික්ෂුන් වහන්සේලාගෙන් යුත් රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහා නායක තනතුර දක්වා වැඩම කළා. උන්වහන්සේගේ චරිතය සමස්ත භික්ෂුන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටත් ආදර්ශයක්.

නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේ උගත්, ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේ නමක් බවට පත්වෙලා පිරිවෙන් ගුරුවරයෙක්, පරිවේනාධිපති වහන්සේ නමක් ලෙස අතිවිශාල උගත් භික්ෂුන් වහන්සේලා රැසක් බිහි කළා.

මහානායක හාමුදුරුවෝ භාෂා කිහිපයක් ප්‍රගුණ කොට තිබුන නිසා ථෙරවාදී දහමේ පණිවිඩය ලෝකයට ගෙන යන්න උන්වහන්සේට හැකිවුණා. මහානායක හාමුදුරුවෝ මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කළා. පොත පත රචනා කරමින් දැන උගත් භික්ෂු පරපුරකට අවශ්‍ය මාවත සැළසුවා. මහානායක හාමුදුරුවෝ ස්වකීය විහාරස්ථානයේ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරලා, ගිහි පැවිදි විශාල සිසු පිරිසකට අධ්‍යාපනය දෙන්න දීර්ඝ කාලයක් කැප වූ බව අපි දන්නවා.

අපේ මහා නායක හාමුදුරුවන්ගේ ඇසුර අපිටත් ලබන්න පුළුවන් වුණා. නායක හාමුදුරුවන්ගේ සියලු කැප කිරීම්වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්න කළ කැප කිරීම්. යහපත් පුරවැසියෙක් ගොඩ නගලා සශ්‍රීක රටක සමෘද්ධිමත් ජීවිත ගත කරන මිනිසුන් දකින්න මහා නායක හාමුදුරුවෝ කැප වුණා. ඒ වගේම අතීතයේ අපේ භික්ෂූන් වහන්සේලා ඇති කළ ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. උන්වහන්සේගේ ඒ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම අප සැමගේ වගකීමක් කියලයි මම විශ්වාස කරන්නේ. මේ රට ගුණ දහමින් පිරි රටක් බවට පත් කළහම මහා නායක හාමුදුරුවන්ට අපි පූර්ණ ගෞරවය ලබා දුන්නා වෙනවා.

මේ මහත් සංවේග ජනක අවස්ථාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මාගේ සාතිශය සංවේගය පළ කරන අතරම, අපවත්වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි !

SendShareShare
Previous Post

කොළඹින් තවත් මරණ 4ක්: දැන් 87යි: රෝගීන් 20,000 පන්නයි

Next Post

මහින්දට දෙන්න ගිය ASPගෙ ගෙදර LOLC ගනී

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.