• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවත්වපු තැනින් ෂවේන්ද්‍ර යළි පටන් අරන්

February 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
නවත්වපු තැනින් ෂවේන්ද්‍ර යළි පටන් අරන්

Sri Lanka's new army chief Lieutenant General Shavendra Silva (2R) looks on during a press conference in Colombo on August 26, 2019. - Sri Lanka's new army chief on August 26 brushed aside international outrage over his appointment, saying "anyone can make allegations" that he had committed war crimes. (Photo by ISHARA S. KODIKARA / AFP)

Share on WhatsAppShare on Facebook

දුක වේදනාව ඔවුන්ට පාරම්පරිකව ලැබෙන දායාදයක් බඳුය. ගොනු පසුපස රියසක එන්නා සේ දුකවේදනාව දරිද්‍රතාව සැමදා ඔවුන් පසුපස විය. ඒ පාරම්පරික උරුමය තම දූදරුවන්ටත් උරුම නොවිය යුතු බව ඔවුන් තීරණය කිරීමෙන් පසු ඔවුන්ගේ ජීවිතය මැදපෙරදිගටම සින්න විය. ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග සේවයට ගිය ඔවුන් සිය හාම්පුතුන් වෙනුවෙන් බැලමෙහෙවර කිරීම සිය උරුමය කරගත්තේ දෛවය කිසි දිනෙක ඔවුන් වෙත හසරැළි නඟන්නට ඉඩ නොදෙන බැව් අවබෝධ කරගනිමිනි. මව්රටේ සිටියදී දරිද්‍රතාවයෙන් දැඩිලෙස පීඩාවිඳි ඔවුහු මැදපෙරදිගදී විවිධාකාරයේ තාඩන පීඩන රැසකට මුහුණ පෑහ. ඒ පිළිබඳ විවිධාකාරයේ සංවාදයන් පසුගිය කාලයේ ඇති විය.

කිසිදා නිවී යතැයි විශ්වාස කළ නොහැකි ඔවුන්ගේ පපු තුළ ඇවිලෙනා ගින්නයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වශයෙන් අතීතයේ තේ, රබර්, පොල් හැඳින්වුවද වර්ථමානයේ ප්‍රධාන අපනයනය බවට පත්ව තිබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයින්ය. මේ වන විට ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග ගෘහසේවිකාවන් වශයෙන් කටයුතු කරමින් සිටිති. ඔවුහු ඒ රටවල නොවිඳිනා දුක් විඳිති. ඇතැම් කාන්තාවෝ දැඩි වදහිංසාවලට ලක්වෙති, ලිංගික අතරවයන්ට ලක්වෙති. මේ සියල්ල මැද ඔවුන් නිරුපද්‍රිතව යළි මව්රටට පැමිණීමත් එක්තරා ආකාරයක වීරත්වයකි. එවන් තත්ත්වයක් තුළ ඔවුන්ව රටවිරුවන් නමින් හැඳින්වීම වරදක් නොවේ.

මෙලෙස විශාලවශයෙන් කාන්තාවන් ශ්‍රමිකයින් වශයෙන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්වීම නිසාවෙන් සමාජය තුළ නව ආරක ගැටලු නිර්මාණය වෙමින් තිබේ. පවුලක මවගේ භූමිකාවෙන් ලබාගත හැකි අත්දැකීම් පිළිබඳ අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන අතර පවුලක මව විදේශගත වීම නිසාවෙන් පවුල් සංස්ථාව තුළ ඇතිවන අසමතුලිතභාවය සමනය කරන්නට මුදල්වලට කිසිදු ආකාරයක හැකියාවක් නොමැති වීම නිසා පවුල් සංස්ථාව තුළ ඇතිවන ගැටලු මේවන විට සමාජ ගැටලු බවට පරිවර්තනය වී තිබේ. හයලක්ෂ හැට දහසකට අධික කාන්තාවන් පිරිසක් ගෘහ සේවිකාවන් වශයෙන් සේවයේ නිරතය.

එලෙස දුක් කම්කටොලු විඳ යළි හිස් අතින් මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් කොතරම් නම් සිටිත්ද? ඔවුන් එලෙස හිස් අතින් යළි මව්රටට එනවිට පවුල් සංස්ථාව බිඳවැටී තිබෙනු දකිද්දී කොතරම් නම් පීඩාවක් ඇතිවේද? මේ ඔවුන් බහුතරයක් මුහුණ දෙන යථාර්ථයයි.

පසුගිය වසරේ ඇති වූ කොරෝනා උවදුරත් සමඟ විදෙස්ගත ශ්‍රමිකයින් දහස් ගණනකට සිය රැකියා අහිමි වූ අතර ඔවුන් ඒ හරහා දැඩි පීඩනයකට ලක්විය. තමන් සේවය කළ ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීමත් සමඟ මේ තත්ත්වය තවත් තීව්‍ර වූ අතර ඉන්පසු ඔවුන්ට එම රටවල ක්‍රියාත්මක තානාපති කාර්යාලවලින් ලබාදුන් රැඳවුම් නිවාසවලවල රැඳී සිටීමට සිදුවූ අතර ඇතිවූ තත්ත්වය නිසාවෙන් විදෙස්ගත ශ්‍රමිකයෝ රැසක් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වූහ. එසේම කොරෝනා වෛරසය පැතිර යාමට පෙරාතුව විවිධ හේතූන් මත වීසා නොමැතිව සිටි විශාල පිරිසක්ද එලෙස රැඳවුම් නිවාසවල රඳවා සිටි අතර ඔවුන්ටද සිය රට වෙත පැමිණීම සැමදා හීනයක්ම පමණක් විය.

නමුත් විදෙස්ගක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම රජය විසින් සිදුකරනු ලැබූ අතර පසුගිය පෙබරවාරි මාසයේ සිට එලෙස හැත්තෑ එක්දහසකට අධික විදෙස් ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා නිරෝධායනයට ලක් කර තිබුණද ඔවුන් දිවයිනට ගෙන්වාගැනීම පසුගිය ඔක්තොම්බර් මාසයේදී තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. ඊට ප්‍රධානම හේතුව වූයේ ඒවන විට නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩකඩ සීමා වීමයි.

කොවිඩ්-19 පාලනය කිරීමේ කාර්යය සාධක බළකාය විසින් නියෝග කරන ආකාරයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම සිදු කළ හැකි බවත්, දැනට උද්ගතව ඇති තත්ත්වය මත විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත්, එහෙත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරන බවටත් රජය දැනුම් දී තිබිණ.

පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කිරීම තුළින් විදෙස් රටවල රැඳවුම් නිවාසවල රඳවා සිටි විදෙස් ශ්‍රමිකයින්ට විශාල අස්වැසිල්ලක් විය. විදේශ ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ කොවිඩ් පාලනය කිරීම පිළිබඳ කාර්යය සාධක බළකාය, විදේශ කටයුතු අමාත්‍යංශය හා සහයෝගයෙන් නිසා කාර්යය සාධක බළකාය විසින් සඳහන් කරන පරිදි මෙරටට ශ්‍රමිකයින් ගෙන්විමේ ධාරිතාවය පිළිබඳව සළකා බලා ඒ අනුව සඳහන් කරන ලද ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත්, එහෙත් කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල පනවා ඇති නිරෝධායනය හා සම්බන්ධ මඟ පෙන්වීම්, සීමා කිරීම්වලටද යටත්ව කටයුතු කිරීමට සිදුව ඇති බවත් එහිදී රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය ජනවාරි 14 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යළි ආරම්ක කරන බවයි. එසේම ඔවුන් මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමේදී තෙවන පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ඉදිරි කටයුතු සිදුකරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තානාපති කාර්යාල හරහා පහසුකම් සැපයීය යුතු බවද පැවසීය. එසේම එලෙස රැගෙන එන පිරිස් යුද්ධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බවද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය. මෙහි සුවිශේෂීම කාරණය වූයේ ඕමානය වැනි රටවල විවිධ හේතුන් මත විසා නොමැතිව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයින්ද මෙලෙස මෙරටට ගෙන්වීමට අවශ්‍යය කටයුතු සැලසුම් කර ක්‍රියාවට නංවා තිබීමය.

මේ පිරිස් මේ වන විත් යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පසු යළි සිය ලබැඳියන් හා එක්වන්නට නිවෙස් වෙත යනු ඇත.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ජේ.ආර්. කරපු වැරැද්ද අපි නොකළත් මේ ආණ්ඩුව කරන්නයි හදන්නේ

Next Post

ඔක්කොටම කලින් එන්නත විදගත් මැතිඇමැතිවරු ලයිස්තුව මෙන්න

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.