• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්. කරපු වැරැද්ද අපි නොකළත් මේ ආණ්ඩුව කරන්නයි හදන්නේ

February 16, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ජේ.ආර්. කරපු වැරැද්ද අපි නොකළත් මේ ආණ්ඩුව කරන්නයි හදන්නේ
Share on WhatsAppShare on Facebook

උතුරේ පෙළපාලි ගියා කියලා මේ ආණ්ඩුව එම අය අත්අඩංගුවට ගන්න හදනවා. දකුණේ අයට එක එක කොමිසම් දමලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා. මේ අවස්ථාව සලසන්නේ නැවතත් ත්‍රස්තවාදී යුගයකට බව විපක්ෂනායක කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය .

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මෑතකදී උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පළිගැනීම් කොමිසමක් පත් කරා. එහිදී යම් යම් පළිගැනීම් කරමින් නීති කඩමින් ප්‍රජා අයිතිය අහෝසි කරන්න සැරසෙනවා. එම වාර්තාවේ පිටපතක් කථානායකවරයාගෙන් ඉල්ලුවේ ජනවාරි 28 වෙනිදා. එය අපේ වරප්‍රසාද අයිතියක් කථානායකවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. අපිට එය තවම ලැබී නැහැ. තවම අපි ඒ ගැන කථා කරන්නේ මාධ්‍ය තුළ ගිය කරුණු පමණයි. කවුරු හෝ වැරදි වැඩ කර ඇත්නම් එයට දඩුවම් ලබා දිය යුතුයි. යහපාලන රජයේ අපිත් ඒ තැන ඉදන් කටයුතු කරා. යහපාලන රජයේ මම සභානායක. අපිටත් යම් අය පලිගැනීම්වලට යෝජනා ආවා. නමුත් යහපාලන රජයේ නායකයින් වන රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේන යන මැතිතුමන්ලා එය ප්‍රතික්ෂේප කරා. ඒවා රටේ පොලීසියට හා අධිකරණ පද්ධතියට භාර දුන්නා. අපි දේශපාලන පළිගැනීම් කරේ නැහැ .

1987 දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් තමයි ප්‍රථම වතාවට කොමිසමක් හරහා පළිගැනීම් සිදු කරමින් ප්‍රජා අයිතියක් අහෝසි කරේ. ඉන් එදා අපේ රට අපකීර්තියට පත් වුණා. මෙවැනි දේවල් යෝජනා අපේ කාලයෙත් යෝජනා වුණා. නමුත් ඒවා අපි ප්‍රතික්ෂේප කළා.

මේ ආණ්ඩුව පළිගැනීම් කරන්න අබේරත්න කොමිසම පත් කරලා. ජනාධිපති කොමිසමකට කිසිසේත් කොන්දේසි දමන්න බැහැ . පරීක්ෂණ කටයුතු හා තොරතුරු සොයා ගැනීම් පමණයි කළ හැකි වන්නේ . නමුත් අබේරත්න කොමිසම අධිකරණ නඩුවලටත් නිර්දේශ ලබා දීලා. අධිකරණ නඩුවලට පිටස්තර අයට නිර්දේශ ලබා දෙන්න බැහැ. නමුත් අබේරත්න කොමිසම එසේ කරලා . අධිකරණ විනිසුරු 5 දෙනෙකු විසින් ලබා දුන් නඩු තීන්දුවලට පවා අබේරත්න කොමිසමෙන් එය වෙනස් කරලා . පැමිණිලිකරු විත්තිකරු කරලා. විත්තිකරු නිදහස් කරලා . තමන්ගේ බලය ඉක්මවා තීන්දු අරන්.

සමගි ජන බලවේගයේ අපි නීතිඥ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිනවා . යම් අයෙකු වැරැද්දක් කර ඇත්නම් අධිකරණ විසින් දඩුවම් ලබා දිය යුතුයි. යහපාලන කාලයේ පෙර ආණ්ඩුවල වැරදි කර අය හමුවුණා . අපි ඒවා අධිකරණයට භාර දුන්නා . එහිදී අපෙන් අහුවා මොනවද දිය යුතු දඩුවම් කියලා . නමුත් අපි එසේ කරේ නැහැ . එදා සිරිසේන කුරේ මහත්තයාටත් කොමිසමකින් වැරදි තීන්දුවක් දුන්නා. එය අධිකරණය ප්‍රතික්ෂේප කරා. අපිට අධිකරණය විශ්වාසයි. එදා යහපාලන කාලයේ හදිසියේම පාර්ලිමේන්තුව විසිරවපු වෙලාවේ සාධාරණ තීන්දුවක් දුන්නා. එම නිසා කැකිල්ලේ කොමිසම්වලට තැනක් නෑ.

පසුගිය ආණ්ඩු කර වැරදි නැවත කරන්න එපා . උතුරේ පෙළපාලි ගියා කියලා අත්අඩංගුවට ගන්න හදනවා. දකුණේ අයට දේශපාලන පළිගැනීම් කරන්න හදනවා. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන නායකයින් ආරක්ෂා කර යුතුයි . ඔවුන්ට විරුද්ධව නඩු කියන්න කටයුතු කළොත් ඔවුන් යන්නේ කොතනටද? නැවතත් ත්‍රස්තවාදයක් බිහිවීමේ ඉඩකඩ තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රා කළ අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපති එයට ආරක්ෂාව ලබා දුන්නා. එහෙමයි බුද්ධිමත් නායකයින් කටයුතු කරේ . නමුත් අද එය හිරිකිතයි . ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට අවසර දිය යුතුයි . ද්‍රවිඩ ,මුස්ලිම් අය පාර්ලිමේන්තුවේ කථා කරාම ඔවුන්ට අවලාද කරන එක වැරදියි .

යහපාලන ආණ්ඩුවේත් දූෂණ වි⁣රෝධි විමර්ශන කමිටු තිබුණා. ඔවුන් නඩු දමන්න ගියේ නැහැ. ඔවුන් කරේ තොරතුරු සොයා බැලීම පමණයි . අතීතයෙ ආණ්ඩුවල වැරදි නිසා යුද්ධයක් ඇති වුණා . දැන් අපේ රට යන්නෙත් මියන්මාර ක්‍රමයට බව පැහැදිලියි. අ⁣පේ රටත් මියන්මාරයේ සිදුවීම් වැනි දේට අත්තිවාරම් දමමින් යනවා. හැම ආයතනයටම හමුදා නිලධාරින් දමලා . දේශපාලන කොමිසම අවලංගු වන බව මට විශ්වාසයි…’

SendShareShare
Previous Post

බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ: රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්

Next Post

නවත්වපු තැනින් ෂවේන්ද්‍ර යළි පටන් අරන්

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.