නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ කළ අද (16) දිනයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබාගැනීම සඳහා අද පෙරවරුවේ යුද හමුදා රෝහල වෙත පැමිණි තිබිණ.
අවස්ථා කිහිපයක දී කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවට ප්‍රකාශ සිදුකළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි බව සඳහන් වේ.










