• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘නර්ස්ලාට කොරෝනා හැදෙන්නේ නැත්තේ ඇයි?’ ජනපති හරියටම පැහැදිලි කරයි

November 4, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞදියේ අතරමං වූ 150ක් පැය 48ක් ඇතුළත ගෙන්වන්න ජනපති නියෝග දෙයි
Share on WhatsAppShare on Facebook

ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බවත්, ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද ප්‍රකාශ කර සිටියේය.

වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නේය.

කොරෝනා ව්‍යාප්තිය නිසා රට තුළ ඇඳිරි නීතිය පැනවීමෙන් හෝ හුදෙකලා කිරිමෙන් දෛනික ආදායම් මත යැපෙන ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා ගැන තම අවධානය යොමුව ඇති බවත්, වෛරසයෙන් ආරක්ෂා වී රටේ සාමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට සියලු දෙනා සුදානම් විය යුතු බවත් මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“නර්ස් කෙනෙක්ට ඇයි කොවිඩ් හැදෙන්න් නැත්තේ. එයාලා හරියට මුහුණු ආවරණය දානවා. අත හෝදනවා. එයාලා වැඩිය කොවිඩ් රෝගීන් එක්ක ගත කළත් වෛරසය ආසාදනය නොවීමේ හේතුව මොකක්ද කියලා අනෙක් අයට පැහැදිලිව පෙන්වා දිය යුතු වනවා. මෙහෙම හරියට කළොත් රට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්, කර්මාන්ත ශාලාව විවෘත කරන්න පුළුවන්. මේ සියලු දේ සිදුකරන්න නම් පළමුව සිදුකළ යුතු යහපත් සෞඛ්‍ය කරුණු ගැන අවබෝධයෙන් සිටීම අවශ්‍යයි.

හරියට මුහුණු ආවරණය පළදින්න ඕන. අත් සෝදන්න අවශ්‍යයි. ඒ වගේම සමාජ දුරස්ථභාවය තබා ගත යුතුයි. උණක් ඇතිවුණාම වහාම ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ සඳහා සුදුසු පියවර ගන්න ඕන. නිරෝධායනය වීම සහ පරීක්ෂණ සිදුකර ගැනීම සිදුකළ යුතුයි. ඒ සඳහා දුරකථන අංක හඳුන්වාදී තිබෙනවා. රට විවෘතව තබන්න මේ සියලු දේ සිදුකළ යුතුයි.

නමුත් මේවා මිනිස්සු අතරට හරියට ගිහිල්ලා නැහැ. ඇඳිරි නිතිය දැම්මොත් තමයි මිනිස්සු ගෙදරට වෙලා ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් රටක් දුවන්න පුළුවන්, නමුත් ජනතාව මේ ගැන අවධානයෙන් සිටින්න අවශ්‍යයි. 

විශේෂයෙන් ස්වයං රැකියා සහ ව්‍යාපාර කරන අය හැමදාම මට කියන්නේ මෙහෙම රට වහගෙන තියන්න එපා කියලා. මොකද ඒ අයගේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මේ සියලු දෙනා දිනපතා මුදල් උපයලා ජිවත් වෙන අය.

රාජ්‍ය සේවකයින්ට, පුද්ගලික අංශයේ මාසික වේතනයක් ගන්න අයට ලොක් ඩවුන් කරනවා කියන කොට ගානක් නැහැ. නමුත් එදිනෙදා මුදල් උපයාගෙන ජිවත් වෙන අයට දවස් 10ක් රට වහලා තියෙනවා කිව්වම ඒ අයගේ ජිවිතයේ දවස් 10 උපයා ගත් මුදල ආපහු රැස්කර ගන්න අවුරුද්දක් ගතවෙනවා වෙන්න පුලුවන්.

ජනාධිපති, ඇමතිවරයා උනත්, දේශපාලඥයා උනත්, වෛද්‍යවරයා උනත් මේ ගැන පරීක්ෂණ කරන අය උනත් හැමකෙනෙක්ම සමස්තය ගැන හිතන්න ඕන. අපි සෑම පැත්තක් ගැනම හිතන්න ඕන. අපි රට විවෘත කරලා තබන්න ඕන. කොරෝනා තත්ත්වය පාලනය කරන්න ඕන. එහෙම නම් අපි මොනවාද කළ යුත්තේ. 

තීරණ ගන්න අය මොනවාද කළ යුත්තේ, පරීක්ෂණ කරන අය මොනවාද කළ යුත්තේ, සාමාන්‍ය ජනතාව මොනවාද කළ යුත්තේ කියන එක සියලු දෙනාම සිතන්න ඕන. අපිට පාසැල් වහන්න කියන්න පුලුවන්, එයින් ඇතිවන බලපෑම කොහොමද කියලා හිතන්න ඕන.

කොයි තරම් කිව්වත් ඒ කරුණු පිළිනොපදින පුද්ගලයින් කිහිප දෙනෙක් අප සමාජයේ ඉන්නවා. ඒ අයවත් හරියට පාලනය කරගෙන, නිරෝධායන කටයුතු සහ පරීක්ෂණ කටයුතු නිසි ලෙස කරගෙන ගියොත් අපිට රට විවෘත කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එකට ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍යයි’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

කොරෝනා 12,000 පන්නයි: අද 274ක්

Next Post

රනිල්-වජිර මුරුත්තෙට්ටුවේ හිමි හමුවී පැය 2ක සාකච්ජාවක

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.