මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක ප්‍රකාශ කර ඇත.
පෙරේදා කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බව එම නිවැසියන් සෞඛ්‍ය බලධාරීන් හමුවේ අනාවරණය කර ඇත.
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවත් දැනගන්නට ඇත.










