ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි 20 තරග සඳහා ක්‍රීඩා කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.
සිය සමුගැනීම ගැන සඳහන් කරමින් කියා සිටියේ තමන් පවුලේ සාමාජිකයින් සමග අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට යන බවයි.
වාර්තා වන පරිදි අමෙරිකානු ක්‍රිකට් ජාතික කණ්ඩායම සමග ෂෙහාන් ජයසුරිය එක්වීමට නියමිතව ඇත.










