ඊයේ පෙරවරුවේ විපක්ෂ නායකතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනහමුවට සහභාගී වන්නට යන අතරතුරදී අම්පාර දෙහිඅතකන්ඩිය මැදගම නව මැදගම මහා විද්‍යාලය අසලදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග සුහද සාකච්ඡාවක නිරත විය.
ප්‍රදේශය කීර්තිමත් පාසලක් වන මෙම විදුහල විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද ඉහළ දක්ෂතා දක්වන විදුහලකි. විවිධ ක්ෂේත්‍ර චාරිකා සඳහා සහභාගි වීමට සිදුවීමේදී බොහෝ වෙහෙස මහන්සි වී ඊට අවශ්‍ය කරන මුදල් සපයා ගන්නා බවත්, පසුගිය වසරේ ප්‍රවාහන වියදම පමණක් ලක්ෂ දහනවයකට වැඩි බවත් එහිදි විපක්ෂ නායකතුමාට කරුණු අනාවරණය විය.
එම විදුහලට ඉදිරියේ ඇති බස් රථයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවට ද විපක්ෂ නායකතුමා සහතික විය.