බෝලාන රුහුණු රිදීගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද දහවල් කාලයේ කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලීසිය සඳහන් කරයි
මෙම අඹුසැමි යුවළ ඝාතනය කළේ යැයි කියන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
මෙසේ ඝාතනය කර ඇත්තේ 60 හැවිරිදි වෙන්නප්පුලී ආරච්චිගේ සුනිල් සහ 56ඇවිරිදි හේවාමානගේ කුසුම ලතා යන අඹු සැමි යුවළයි
කාලයක් තිස්සේ සිට පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය
සැකකරු නිවසට කඩා වැදී පොරොවකින් සහ කැත්තකින් පහර දී මෙම අඹුසැමි යුවළ මරා දමා ඇති බව පොලීසිය සඳහන් කරයි.