• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙන්නෙක්වම හිරේ යවපු මොකද්ද මේ ‘දැන් සැපද…’

June 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දෙන්නෙක්වම හිරේ යවපු මොකද්ද මේ ‘දැන් සැපද…’
Share on WhatsAppShare on Facebook

“වෙනස සැපද?” ඔය වචනය දැන් අපට පුරුද්දට ගිහිල්ලා. මේක මුලින්ම ඇහුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එය ඇහුවේ එවකට හිටපු ආණ්ඩුවේ කෙරුවාව ගැන කියන්න. සාමාන්‍යයෙන් මේ කතාව මුලින්ම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියනවා නෙවෙයි. ගමේ ගොඩේ මිනිස්සු ඕන තරම් කිව්වා. වරද්දගත්තට පස්සේ ඒ මිනිසුන්ගෙන් “දැන් සැපද?” කියලා අහනවා. මේ වතාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිනිසුන්ගෙන් ඇහුවෙත් තමන් කියන දේ නාහ ආණ්ඩුව වෙනස් කරලා දැන් කරගත්ත දේ හරිද කියල. ඕක අහන අතරතුර එතුමා තව කතන්දර ටිකක් කිව්වා.

“ළඟදි අල කෑවද?”

“ලූනු කීයද?”

මේ විදිහට අනියමින් ඇහුවේ ලංකාවේ දේශපාලන වෙනස කොහොමද දැනෙන්නෙ කියන එක. මිනිසුන්ට ඒ වෙලාව වෙනකොට පැවැති ආණ්ඩුව එපාවෙමිනුයි තිබුණේ. ඒකට එක හේතුවක් වෙලා තිබුණෙ ඇත්තටම ජීවන බර. ආර්ථික ප්‍රශ්න ඉහට උඩින් එනකොට එනකොට කාට වුණත් තමන්ගේ ජීවිතය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිස මතක්කරල දුන්නෙ ඒක. ඇත්තටම යම්කිසි රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්නට නම් ඒ රටේ හොඳ ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ආණ්ඩුව තමන් සතු නිදහස වල්බූරු නිදහසක් බවට පත් කර ගන්නවා. ඒ කාරණාව දේශපාලන විද්‍යාත්මක කරුණක්. ඒ නිසා කවුරු හරි කෙනෙක් එදා ඒ වෙලාවේ, “දැන් සනීපද?” කියලා අහපු අයව අත්අඩංගුවට ගත්තා නම්, ඒ අයට දඬුවම් කරා නම් ඒක ඉතාම බරපතළ තත්ත්වයක්. හැබැයි මතක හැටියට එදා ඒ සම්බන්ධව ලොකු පියවර ගන්න තරම් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ. ඒක එදා තිබුණු ආණ්ඩුවේ නිවටකම විදිහට සමහරු දැක්කත් සැබෑ දේශපාලනයෙදි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන්ගේ හැසිරීම විය යුත්තේ එහෙම. හැබැයි ඇත්තටම එදා සිද්ධ වුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උවමනාවද, නැත්තම් පියවරක් ගන්න තරම් ඔවුන්ට ශක්තියක් නොතිබීමද කියන එක ඒගොල්ලොම තමයි දන්නේ.

හැබැයි ඔබ මේ ලිපිය කියවන මේ මොහොත වෙනකොට නම් මේ වගේ කාරණාවක් සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා කීප දෙනකුම අත්අඩංගුවට අරගෙන ඉවරයි.

“සංචරණ සීමා කඩකරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකර බක්කි කරත්තයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු ගාල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බක්කි කරත්තයක නැග ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.”

“අත්අඩංගුවට ගැනුණු පිරිස අතර බද්දේගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයකුගේ පුතකුද වනවා. ඔහු සමගි ජන බලවේගයේ තරුණ බල මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාද වන බවයි පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු ඔවුන් පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.”

“ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඉකුත් දිනවලද දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිරත බොහෝ පිරිසක් විරෝධතාවල නිරත වුණා.”

මේ ඒ ගැන මාධ්‍ය වාර්තා කරලා තිබුණු විදිය. මේ විදියට එක් අයෙකු අත්අඩංගුවට ගන්නේ මොරටුවේදී. අනිත් කෙනා දකුණු පළාතේ ගාල්ලේදී. මේ සිදුවීමට සම්බන්ධ කීපදෙනෙක් දැන් අත්අඩංගුවට අරගෙන ඉවරයි. ලිපිය ලියන දවස වෙනකොට තත්ත්වය ඒක වුණත් සමහර විට ඔබ මේක කියවන දවස වෙනකොට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අදාළ කාරණා සම්බන්ධව මේ වෙනකොට නීතිමය රාජකාරි සිද්ධ කරන නිසා අපි ඒ ගැන ඕනෑවට වඩා විස්තර කරන්න යන්නෙ නෑ. සිදුවීම් දෙකම පාදක වෙන්නේ හදිසියේ මිනිස්සු මත පැටවෙන ජීවන බර. ඒ කියන්නේ නොහිතූ වෙලාවක තෙල් මිල වැඩිවීම, ඒත් එක්කම පොහොර හිඟය නිසා ගොවියන්ට ඇතිවුණු ගැටලුව, කුමන හෝ කාරණයක් නිසා සහල් මිල හිතාගන්න බැරි තරම් ඉහළ යාම, ගෑස් මිල වැඩි කරන්නට නියමිත බව බලධාරීන් විසින් එහෙන් මෙහෙන් ඉඟි කිරීම, කිරිපිටි මිලත් වැඩි වන්නට නියමිත බවට හාවක් හූවක් පැතිරීම.

මේ සම්බන්ධව විරෝධය පාමින් ප්‍රාදේශීය දේශපාලකයින් තිදෙනෙක්ම ගොන් කරත්තවල නැගලා එහෙට මෙහෙට යනවා. ඒ ගියපු අයව විවිධ හේතු කාරණා සඳහන් කරමින් අත්අඩංගුවට ගන්නවා.

එහෙම අත්අඩංගුවට ගැනීමත් එක්ක අලුත්ම සිදුවීම වෙන්නේ පහුගිය 22වැනිදා. අත්අඩංගුවට ගැනීම නිසා තැනින් තැන මතුවෙමින් තිබූ විරෝධතා මර්දනයකට ලක්වෙනකොට විපක්ෂයේ ප්‍රධාන පෙළේ කණ්ඩායම මේ විදිහට විරෝධතාවක් සූදානම් කරා. මේ විදිහටම තෙල් මිල වැඩි වෙච්ච අවස්ථාවක ඊට විරෝධය පළ කරමින් මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු පිරිසක් පාපැදියෙන් පාර්ලිමේන්තුවට ආවා අපට මතකයි. මේ විදිහේ විරෝධතා විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු ඉතිහාසයෙන් වාර්තා වෙනවා. සමහර මන්ත්‍රීවරු ගොන් කරත්තයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබුණා. ඒ වගේම තවත් සමහරු අමුඩ ලේන්සුව තමන්ගෙ ඇඳුම් විදියට ඇඳගෙන පාර්ලිමේන්තු ආපු අවස්ථා තිබුණා. හැබැයි මේ වතාවේ “දැන් සනීපද?” අහමින් පාර්ලිමේන්තුවට ආපු විපක්ෂ පිරිස ගමනට තෝරාගෙන තිබුණේ වෙනස් වෙනස් වාහන ගොඩක්. සමහර අය ආවේ පරණ ලොරිවල. තවත් සමහර අය අත් ට්‍රැක්ටර්වල. විශේෂත්වය කියන්නේ මේ අත්ට්‍රැක්ටර් පදවාගෙන ආවෙත් මන්ත්‍රීවරුමයි. එහෙම ඇවිල්ලා වාහනයක හප්පගන්න වගෙත් අපි නම් දැක්කා. කොහොම වෙතත් මේ විදිහට විවිධ වාහනවල ආපු මන්ත්‍රීවරු හැම කෙනෙක්ම තමන්ගේ වාහනවල එක දැන්වීමක් ප්‍රදර්ශනය කළ තිබුණා. ඒ අපි අර කලින් කියපු එක.

හැබැයි මිනිසුන්ට අයිතියක් තියෙනවා රජයෙන් ප්‍රශ්න කරන්න ‘දැන් සැපද?’ කියලා. ඒ වගේම මිනිසුන්ටත් අයිතියක් තියෙනවා ආණ්ඩුව පත්කිරීම සඳහා ඡන්දය දුන්නා. එකෙනුත් අහන්ඩ ‘දැන් සැපද?’ කියලා. ඒ වගේම දේශපාලකයන්ටත් අයිතියක් තියෙනවා තමන්ට මනාපය ලකුණු කරපු නැත්නම් අමනාපෙන් සලකපු අයගෙන් ප්‍රශ්නයක් අහන්ඩ ‘දැන් සැපද?’ කියලා. ඒ අයිතිය පටන් ගන්නෙ අද සිට නෙමෙයි. පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයලා විපක්ෂයේ හිටපු කාලයෙ ඉඳලා. ඒ නිසා මේ විදිහට අත්අඩංගුවට ගැනීම නම් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්තිමටම අපිත් ඔහේ පුරුද්දට වගේ අහනවා, “දැන් සැපද?” කියලා.

සැප නම් සැපයි. නැත්තං නෑ. ඒකෙ අවුලක් නෑ. කවුරුත් තරහ ගන්ඩ උවමනාවකුත් නෑ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් සැපේ ඉන්න කාලයක් නෙමෙයි. මුළු රටම සැපෙන් ඉන්න කාලයක් නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හැමිල්ටන් ඇලේ අබිරහස් මළසිරුරක් බෝට්ටු එන්ජිමක පැටලිලා! හිසේ දරුණු තුවාලයක්!!

Next Post

බැසිල් ගැන ඇත්ත කියන්නේ‌ කෙහෙළියද-ශෂීන්ද්‍රද? අහලම බලමු! (VIDEO)

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.