ගම්පහ රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 39 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන වී ඇති අතර මේ වනවිට ඇය කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර කිරීමෙන් පසු රෝගියා සුව වී නිවසට අවස්ථාවේ සිදු කළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.
ඇගළුම් සේවිකාවක් වන එම කාන්තාව සේවය කරන ලද ආයතනයේ 40 ක්ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
එමෙන්ම ඇයගේ ආශ්‍රිතයන්ටද පරීක්ෂණ සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇය ප්‍රතිකාර ලැබූ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය පහළොස් දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.
මේ හේතුවෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි.











