අද උදෑසන සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 39 වියැති පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඝාතනයත් සමග මේ වසරේ මේ දක්වා වෙඩි තබා සිදුකර තිබෙන මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 66 කි.










