• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

‘සර් එක්ක සෙල්ලම් බෑ…’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

September 23, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
‘සර් එක්ක සෙල්ලම් බෑ…’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘සර් එක්ක සෙල්ලම් බෑ…’

මේ දවස්වල සෝෂල් මීඩියාවල නැගල යන පෝස්ට් එක මේකය. සර් එක්ක සෙල්ලම් බෑ කියන වචන පේළියත් එක්ක හිනාවෙන මුහුණක් දාලා කවුරු හරි මේ පෝස්ට් එක සෝෂල් මීඩියාවලට දාලා තිබුණේ ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ගෝඨා වෙත යොමු කළාට පසුවය.

‘මේක කිසිම විනයක් නැති ආණ්ඩුවක්. මැති ඇමැතිවරු පිස්සු කෙළිනවා. බීලා තැන් තැන්වලට කඩාපනිනවා. කිසිම පාලනයක් නෑ…’

මේ පසුගිය කාලයේ විපක්ෂය ආණ්ඩුවට එල්ල කරපු චෝදනාවය. විපක්ෂය ආණ්ඩුවට මේ චෝදනාව එල්ල කළේ ලොහාන්ගේ සිද්ධිය දඩමීමා කරගෙනය. මොකද විපක්ෂයට ඕනෑ වෙලා තිබුණේ ලොහාන්ගේ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමටය.

හැබැයි ගෝඨා අඬබෙර ගහලා කිව්වේ නැති වුණාට මේ රටේ විනය හදන එකට ගෝඨා අත තිබ්බේ තමන් රටේ ජනාධිපති ධුරය භාරගත් දිනයේ සිටය. මොකද ගෝඨා යනු විනය අංක එකට තියාගෙන රාජකාරි කරන ජනාධිපතිවරයෙකි. ගෝඨා මත්වතුර නොබොන ජනාධිපතිවරයෙකි. මස් මාළු නොකන ජනාධිපතිවරයෙකි. එක එක්කෙනත් එක්ක වල්පල් දොඩවමින් කාලය ගත නොකරන ජනාධිපතිවරයෙකි. ප්‍රිය සාදවලින් ඈත්වී රාජකාරි කරන ජනාධිපතිවරයෙකි. මහජන දේපොළ සොරකම් නොකරන ජනාධිපතිවරයෙකි. මොකද ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන්න බය නැති වෙන කතාව ගෝඨා අසා තිබේ. ඒ නිසා ගෝඨා ඉහළින් ඒ ගැන ආදර්ශයක් ඇමැති මණ්ඩලයටත්, ආණ්ඩුවටත්, රටටත් ලබාදී තිබේ.

ගෝඨා ඒ විනය ආදර්ශයෙන්ම පෙන්නුවා විතරක් නොව, ආණ්ඩුවේ යම් යම් අය ඒ විනය කඩද්දී ඔවුන්ට දඬුවම් දීමටද මැලි වුණේ නැත. ඒකට හොඳම උදාහරණ තුනක් පසුගිය දිනවල දක්නට ලැබිණි.

ඉන් පළමුවැනි උදාහරණය වූයේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට සම්බන්ධ සිදුවීමය.

එතැනදී චෝදනා එල්ල වූයේ කුරුණෑගල නගරාධිපතිවරයා බුවනෙකබා රජුට අයත් යැයි කියන රාජ සභා මණ්ඩපය ඩෝසර් කර දැමුවා යැයි කියාය. විපක්ෂය, මහා සංඝරත්නය මෙන්ම මාධ්‍ය එදා මේ සිද්ධියට විශාල වශයෙන් ප්‍රචාරයක් දෙද්දී නගරාධිපතිවරයාගේ පැත්තෙන් කියැවුණේ එය රාජ සභා මණ්ඩපය නොවන බවත්, එතැන තිබුණේ පැරැණි හෝටලයක් බවත්ය.

‘කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිලකටවත් මම අත තියන්න දෙන්නෙ නෑ…’

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම මහාමාර්ග අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් එදා කෙළින්ම කියා සිටියේ මේ ඇත්ත දැනගෙනය.

හැබැයි ගෝඨා මේ සිද්ධිය යට ගහන්න කටයුතු කළේ නැත. වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ ලබාදුන්නේය. නීතිපතිවරයා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ගොස් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් ගත්තේ ඒ අනුවය. පසුව නගරාධිපතිවරයා අත්අඩංගුවට පත්විය.

දෙවැනි සිදුවීම වූයේ මොරටුව නගරාධිපතිවරයා සම්බන්ධ සිදුවීමයි. ඒ, එන්නත්කරණය සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙනය. මෙහිදී මොරටුව නගරාධිපතිවරයා මුළු එන්නත්කරණ වැඩසටහනම දේශපාලනීකරණය කරමින් තුණ්ඩු බෙදාදෙමින් ජනතාවට එන්නත් ලබාදීමේ ක්‍රමයක් සකස් කර තිබිණි. නමුත් මේ තුණ්ඩු ක්‍රමයට සෞඛ්‍ය අංශ එකඟතාව පළ කර තිබුණේ නැත. මේ නිසා මොරටුවේ එන්නත්කරණය භාරව සිටි වෛද්‍යවරිය සහ මොරටු නගරාධිපතිවරයා වූ සමන් ලාල් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් පවා සිදුවූ ආකාරය මාධ්‍ය මගින් රටටම පෙන්නුවේය.

සිද්ධිය වාර්තා වීමත් සමග ගෝඨා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ වහාම මොරටු නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය. ඒ අනුව පොලිසිය විසින් මොරටු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණය, නගරාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එන්නත්කරණය දේශපාලනීකරණය කිරීමෙන් මුදාගෙන හමුදාවට භාරදීමට ගෝඨා තීන්දු කළේ මෙම සිදුවීමෙන් පසුවය. මොකද එහෙම කළේ නැත්නම් ජනතාවට සිදුවන්නේ එන්නත් ගන්න ගමේ දේශපාලකයන් පස්සේ යන්න වෙන එක බව ගෝඨාට වැටහිණි. වසංගතයක් හමුවේ එන්නත්කරණය පක්ෂ පාට භේදවලින් තොරව සිදුකළ යුතු බව ගෝඨා දැනගෙන සිටියේය. අද ජනතාව එන්නත්කරණය කිරීමේදී හමුදාවට වචනයක් හෝ නොකියා සිටින්නේ ගෝඨා ඒ පැවරූ රාජකාරිය හමුදාව පක්ෂ පාට ආගම් භේද නොසලකා හරියටම ඉටුකිරීම නිසාය. එහෙම නොවුණා නම් අද රටටම වෙන්නේ එන්නත ගහගන්න ගමේ දේශාපලකයා තුණ්ඩුව දෙන තෙක් බලා සිටින්නටය.

තුන්වැනි සිදුවීම වන්නේ ලොහාන් සම්බන්ධ සිදුවීමය. ගෝඨා, ලොහාන්ට බන්ධනාගාර අමාත්‍ය ධුරය භාරදීමටද එක හේතුවක් තිබිණි. මොකද පසුගිය කාලයේ බන්ධනාගාරවල නොයෙක් ප්‍රශ්න පැනනැඟී තිබිණි. සිරකරුවන් විවිධ කරුණ මුල් කරගෙන උද්ඝෝෂණ, මාරාන්තික උපවාස, සත්‍යග්‍රහ ආරම්භ කොට තිබිණි. මේ නිසා සිරකරුවන් සමග ගනුදෙනු කළ හැකි ආකාරයේ දැඩි පුද්ගලයකු ඒ සඳහා අවශ්‍යව තිබිණි. ගෝඨා, ලොහාන්ට ඇමැතිකම භාර දෙන්නේ ඒ අනුවය.

ලොහාන් ආ සැණින් කිව්වා වගේම ඒ සියල්ල නතර විය. බරපතළ ගනයේ අපරාධකරුවන් වෙනත් බන්ධනාගාරවලට යැවිණි. ඇතුළේ සිට සිදුකෙරුණු මහාපරිමාණ මත්කුඩු ජාවාරමට වැට බැඳිණි. උද්ඝෝෂණ, සත්‍යග්‍රහ නතර විණි. ලොහාන්ට මේ චෝදනාව එල්ල වූයේ මේ සියල්ල සිදුවන අතරවාරයේදීය.

‘බන්ධනාගාරෙ ඇතුළට ගිහිල්ලා හිරකරුවන්ගේ කටට පිස්තෝලෙ තියන්න මට පිස්සු නෑ. මම ඇමැති විදියට ඕනෙම බන්ධනාගාරයකට ඕනෙම වෙලාවක ඇතුළු වෙලා ඒකෙ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් තහනමක් නෑ. මම කළේ එහෙම දෙයක්. අනෙක බීලා ගියෙත් නෑ. මම මේ ගැන ඉදිරියේදි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට පැහැදිලි කරනවා…’

ලොහාන් මාධ්‍යයට කියා සිටියේ එහෙම කතාවකි. දැන් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ වී තිබෙන බැවින් නිගමන ලබාදීමට කල් වැඩිය. එහෙත් සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු ලොහාන් තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දුන්නේය.

හැබැයි ලොහාන් ඉල්ලා අස්වුණා නොව ගෝඨා ලොහාන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමක් සිදුකර තිබිණි. ඒක පැහැදිලි වන්නේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයෙන්ය. මොකද ලොහාන් කියා තිබුණේ මාධ්‍ය නඟපු චෝදනා මුල් කරගෙන ඉල්ලා අස්වන බවකි. නමුත් ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ දැක්වුණේ ලොහාන් වගකීම භාරගනිමින් ඉල්ලා අස්වූ බවකි.

ඒකෙන් පේන්නේ වෙන මොනවත් නොව, ලොහාන් කොච්චර බලගතු අමාත්‍ය ධුරයක් දැරුවද රාජපක්ෂවරුන් සමග කොතරම් සමීපව කටයුතු කළද, බලගතු දේශපාලන පවුලකින් පැවැත එන්නෙක් වුවද තීන්දු තීරණ ගැනීමේදී ගෝඨාට ඒ කිසිවක් අදාළ නොවන බවය.

ඒ නිසා ‘සර් එක්ක සෙල්ලම් බෑ…’ කියන පෝස්ට් එකේ තියෙන ආකාරයටම ගෝඨා තමාගේ වපසරියේ හිඳිමින් කෙළින් තීන්දු තීරණ ගන්නට බිය නොවන බව ලොහාන්ගේ සිදුවීමෙන් හොඳ හැටි පැහැදිලිය.

ඒ නිසා අපටද කීමට ඇත්තේ, ‘සර් එක්ක සෙල්ලම් බෑ…’ කියාය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ගම්මන්පිල හදිසියේම ඩුබායි යයි!

Next Post

දැන් ජන්දයක් තිබ්බොත් හොඳයි! තත්ත්වෙ බලාගන්න පුළුවන්!

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.