• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම සමග පිළිසඳරේදී රජයේ සේවකයන් වෙනුවෙන් මහින්ද යළි පෙරට එයි

January 8, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ගම සමග පිළිසඳරේදී රජයේ සේවකයන් වෙනුවෙන් මහින්ද යළි පෙරට එයි
Share on WhatsAppShare on Facebook

සද් භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැසීය.

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

2021 අයවැය යෝජනාවලියෙන් අපි විශාල මුදලක් රටේ දේශීය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ අපිට චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවකවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන්ගත්තේ නෑ ඉතිහාසයේ. ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැය ලේඛනයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා අපි හැමදාම කියලා තියෙනවා. අපි කරන්නෙත් නෑ. මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනගන්න. ඒ නිසා  මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපට අවශ්‍ය නැහැ, විදේශීය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශීය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. මේ අයවැය යෝජනා පොළොවට ගේන්න ඉන්නේ තමුන්නාන්සේලා. ගෙනියන්න ඉන්නේ.

මිත්‍රවරුනි ,

මේක අමාරු වැඩක් බව අපි දන්නවා. හැබැයි ඒ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් කරෙත්. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතන වල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට තමුන්නාන්සේලාට උදව් කරන්න සිදු වෙනවා. නිලධාරීන් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරීන් වන තමුන්නාන්සේලා ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන.

“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල (AR), මුදල් රෙගුලාසිවල (FR) තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතා වලට ගැළපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහින්.

මිත්‍රවරුනි,

බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා.මොකද යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කරපු නිසා බන්ධනාගාර ගත කරපු එක. මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයාව එෆ්.සී.අයි.ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා කියලා ඔබ දන්නවා. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. හැබැයි අපි මේකට පිළියමකුත් යොදනවා. සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග, හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද? සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක. ඒ නිසා පවතින නීති රීති වලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන තමුන්නාන්සේලා දන්නවා ඇති.

අමාත්‍යංශවල ඇමතිවරයාත්, ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමතිවරු වැඩකරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන බව ඔවුන් දන්නවා. මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරින්ගෙනුත් ඉගෙන ගන්න ඕන.

මට මතකයි 1970 එදා මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව පත් කොට යැව්වා. එදා එතුමිය හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා, මහින්දව බලා ගන්න. දිසාපතිට කියනවා මන්ත්‍රීවරයව බලා ගන්න කියලා. ඒ එදා බණ්ඩාරනායක මැතිණිය වැඩ කරපු හැටි.  ලාබාලතම මන්ත්‍රීවරයා වුණාට පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිණිය කිව්වේ ගිහිල්ලා නිලධාරීන්ගෙන් ඉගෙන ගන්න කියලා. මේ තරුණ මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ ඒ කාරණයයි. හොඳට මතක තියා ගන්න.

ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරීන්ම පමණක් නොවෙයි, විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. එනවා යනවා. නමුත් රාජ්‍ය පවතිනවා. ඒක තමයි සත්‍යය.

කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අපිට අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ  දූ දරුවන්ට උගන්වන්න සිදු වුණා කියාලා ඔබ දන්නවා. මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු  ඒ අභියෝගය භාර ගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල් වල තියාගෙන  ඉගැන්වූවා. උගන්වනවා. එක අතකින් ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්. පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා. අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා. ඉටු කරලා තියෙනවා.

මේකෙන් පේනවා රජයේ නිලධාරීන්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැළඳගන්න නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ත රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරගන්න ඕනෑ. ඒක අවශ්‍යයි කළ යුතුයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑම විටම නූතන තාක්ෂණය  යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මඟහැරුණු වැඩ  රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න.

තමුන්නාන්සේලා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් ජනාධිපතිතුමා පත් කළා. ඒ පත් කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන නඩු විශාල නඩු ප්‍රමාණයක් ඉක්මණින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතන වලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත්, ආණ්ඩුව වගේම රාජ්‍යත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න.

අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපේක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැගීම වෙනුවෙන් අපි කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැගීමේදි තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !

SendShareShare
Previous Post

කොරෝනා ටෙස්ට් කිරීම අඩු කරලා: අපි ඉන්නේ බෝම්බයක් උඩ- රජයේ වෛද්‍ය නිලධාරීන්

Next Post

දයාසිරි කොරෝනා හදාගනී

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.