බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රිච්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය.
කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.