අභාවප්‍රාප්ත අරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ වැවන්ඩන් වතුයායේ පිහිටි නිවසක් ගිනිගෙන තිබේ.
අද අලුයම (18) හටගත් ගින්නෙන් නිවස සම්පුර්ණයෙන්ම විනාසයට පත්ව ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ කිසිවෙකු නිවසේ රැදී සිට නොමැති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැති අතර පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.










