• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිළිණි ප්‍රියමාලිගේ ෆෝන් එක තොරතුරු ආකරයක්! රස සාගරයක්! තිළිණිත් එක්ක කාමරයකට රිංගා කෝටි 100ක පොල්ලක් කාපු ‌දේශපාලඥයෙක් ගැන වීඩියෝත් එක්ක තොරතුරු එළියට ඇවිත්!

October 23, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
තිළිණි ප්‍රියමාලිගේ ෆෝන් එක තොරතුරු ආකරයක්! රස සාගරයක්! තිළිණිත් එක්ක කාමරයකට රිංගා කෝටි 100ක පොල්ලක් කාපු ‌දේශපාලඥයෙක් ගැන වීඩියෝත් එක්ක තොරතුරු එළියට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අප්‍රකට ධනවතුන්ගේ සැඟවුණු මුදල් වගේම ජාවාරම්කරුවන්ගේ කළු සල්ලිවලින් සෙල්ලම් පෑ තිළිණි ප්‍රියමාලිට අලුතින් පටබැඳී ඇත්තේ “ශෘංගාර මුල්‍ය රැජින“ නාමයයි. කොළඹ කොටුව අධිකරණයේදී ඉකුත් සතියේ ඇයව මේ නමින් හඳුන්වන්නේ අපේ රටේ ප්‍රකට චරිතයක් වන ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නය. මෙසේ ඇයව නම් කරන්නට ඇත්තේ සිය සුන්දරත්වය සහ සුරූපීත්වය යොදා ගෙන ඇය විසින් කළ කී දෑ රැසක් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇති නිසා විය හැකිය.

මුල් අවස්ථාවේදී එළියට ආවේ ඇය මෙරට ප්‍රසිද්ධ නිළියන් සහ නිරූපිකාවන් කිහිප දෙනෙක් යොදා ගනිමින් ඇයට මුදල් දුන් ව්‍යාපාරිකයන් බැලැක්මේල් කළ බවට වූ තොරතුරු ගොන්නකි. ඊට අදාළ හඬ පටද ඒත් එක්කම එළියට ආවේය. හැබැයි ඊට එහා යමින් තිළිණි ප්‍රියමාලි සිය සුන්දරත්වයෙන් සහ රූපයෙන් ප්‍රකෝටිපතියන් හා බලවතුන් රැසක්ම වසඟ කරගෙන ඇති බවට තොරතුරුද දැන් හෙළි වෙමින් ඇත. ඒ ඇගේ ජංගම දුරකතනය සහ පරිගණක දත්ත විශ්ලේෂණ ඔස්සේය. ඇගේ වසඟයට ලක්වූවන් අතර දේශපාලනඥයන්, පොලිස් ලොක්කෝ වගේම රාජ්‍ය නිලධාරීන් රැසකි. ඇය මේ අයව බිලි බා ගන්නේ ඇයට නිදහසේ වංචාවේ නිරත වීමට අවශ්‍ය පරිසරය සකස් කර ගන්නටය. ඒ අයත් එක්ක ඇය හෝටල් කාමරවල රිංගූ හැටි ගැන මෙන්ම එම හෝටල් කාමර තුළ කළ ශුංගාරාත්මක රැඟුම් ගැන පවා තොරතුරු මේ වන විටත් මතුවෙමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන තාක්ෂණික විමර්ශන ඔස්සේය.

“හිතා ගන්නවත් බැරි අයගේ තොරතුරු දැන් එළියට එන්න පටන් අරගෙනයි තියෙන්නේ. “ යැයි ඒ ගැන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පවසන්නට වූයේ එසේය.

එම උසස් පොලිස් නිලධාරියා නම් කියන්නේ ඇගේ රූපයට වශීවී ඇගෙන් ලිංගික පහස ලැබීමට දණින් වැටුණු බොහෝ අය ගැන තොරතුරු ඉදිරියට එළියට එනු ඇති බවය.

ඇයත් සමඟ එසේ ශෘංගාරාත්මක වූ බොහෝ අය අද සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසිණි. ඇය සමඟ හෝටල්වලට ගොස් ශෘංගාරයෙන් මත් නොවූවත් ඇගේ රූපයටත් ධනයටත් වහ වැටී ඇයව ඉතා සමීපව ඇසුරු කළ පොලිස් ලොක්කෝද නැත්තේම නැත. ඒ අය ගැන බොහෝ තොරතුරු දැන් එකින් එක එළියට එමින් ඇත්තේ ඔවුන් හැඳ සිටින රෙදි පවා ගැලවෙමිනි.

ඇය සමඟ ශෘංගාරව සමීපව සිටි අය අතර දේශපාලනඥයන් කිහිප දෙනෙකු ගැන තොරතුරුද දැන් ඇත්තේ එළියට එමිනි. ඒ අය අතර සිටින එක් දේශපාලනඥයෙක් ඇගේ පටි රෝල්කරමින් සිටින්නේ ඇය ඔහුට ලොකු ගාණක පොල්ලක් තබා ඇති බැවිනි. හෙළිවන ආකාරයට අනුව ඇය ඔහුට තබා ඇති පොල්ල රුපියල් කෝටි සියයකට කිට්ටුය. හැබැයි ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ නම් එයින් දහයෙන් පංගුවක් තරම් වූ අඩු මුදලක් පමණි. ඇය ඔහුව අල්ලා ගෙන ඇත්තේ එකී දේශපාලනඥයා සමඟ තරු පන්තියේ හෝටල් කාමරවල රිංගමිනි. එසේ කාමරවලට රිංගා පෑ සෙල්ලම් ද දැන් එකින් එක එළියට එමින් ඇත්තේ ඉදිරියේදී ඔහුගේද රෙදි ගැලවෙමිනි.

මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිළිණි ප්‍රියමාලි ගැන කෙරන විමර්ශන වලින් හෙළිවෙමින් ඇති දැවැන්ත තොරතුරු අතරින් අල්පයක් පමණි. බොහෝ තොරතුරු තවමත් ඇත්තේ ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංගවලින් මතුකර ගනිමිනි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නම් පවසන්නේ ඇගේ ජංගම දුරකතනය දැන් සැඟවුණු තොරතුරු මතු කරන ආකරයක් බවට පත්ව ඇති බවය. ඇය දේශපාලනඥයන්, පොලිස් ප්‍රධානීන් ඇතුළු සමාජයේ නොහිතන පුද්ගලයන් සමඟ කළ ගනුදෙනු සහ කතාබහ ගැන වට්ස්ඇප් ඔස්සේ කළ පණිවුඩවලින් මතු වෙමින් ඇති කාරණා සමාජය කැලඹීමට ලක්වන තරම්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තු නිලධාරීන් ඒ තොරතුරු එළියට නොදමා තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින්නේ එම කරුණුවල ඇත්ත නැත්ත ගැන තවදුරටත් සොයා බලමිනි. ඒවා එළියට ආ දවසකට අපේ රටේ දේශපාලනඥයන්ට පමණක් නොව, ඇතැම් කලාකරුවන්ට පවා උදා වන්නේ පාරේ බැස යන්නට බැරි තත්ත්වයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඇතැම් ප්‍රකට දේශපාලනඥයන් පවා තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර ගැන ඇතැම් ව්‍යාපාරිකයන්ට සහතික පවා ලබාදී ඇති බවය. එම දේශපාලනඥයන්ගේ රෙකමදාරු නිසාම තිළිණිට මුදල් දී කෝටි ගණන් අහිමි කරගත් ව්‍යාපාරිකයන් බොහෝය. එම දේශපාලනඥයන්ද තිළිණිගේ උගුලට හසුවී සිටි බව ඒ අයද දන්නේ දැන්ය.

තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් හමුවේ වැඩිම රෙකමදාරුවක් කර ඇතැයි මේ වන විට හෙළි වෙමින් ඇත්තේ මෙරට බහුජාතික සමාගමක කළමනාකාරිනියක් වන තැනැත්තියකි. ඇය ඉහළ සමාජයේ බලවත් කාන්තාවකි. ඇය විසින් තිළිණි ප්‍රියමාලිට ගොදුරු කර දී ඇති ව්‍යාපාරිකයන් බොහෝය. හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි පවා ප්‍රසිද්ධියේම චෝදනා කරන්නේ තිළිණි ප්‍රියමාලිව ඔහුට සම්බන්ධ කර දුන්නේ එම තැනැත්තිය බවය. අසාද් සාලි ඇතුළු කිහිප දෙනෙක් හැරුණු කොට ඇයට එරෙහිව පැමිණිලි කරන්නට තබා වචනයක්වත් කියන්නට බොහෝ අය ඉදිරිපත් වන්නේ නැත. එසේ පැත්ත ගසා සිටින අය අතර වැල්ලවත්ත පැත්තේ ඇති ජංගම දුරකතන අලෙවි සැලක හිමිකරුවෙක්ද සිටින්නේය. මේ කියන බලවන්තිය ජංගම දුරකතන මිලදී ගත්තේ මෙම තරුණ ව්‍යාපාරිකයාගෙනි. මේ දෙදෙනා දැන හඳුනාගෙන සිටියේ බොහෝ කාලයක් තිස්සේය.

ගාලුමුවදොර අරගලය උච්චතම අවස්ථාවට පිවිස තිබුණු මොහොතක මේ කියන ව්‍යාපාරිකයාට ඇමතුමක් ලැබෙන්නේ සමාගම් කළමණාකාරිණියක හා අධ්‍යක්ෂවරියද වන බලවන්තියගෙනි. ඒ සිය මිතුරියකට ඇපල් වර්ගයේ අලුත්ම දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියමිනි. සිය මිතුරිය මිලදී ගැනීමට සොයන ජංගම දුරකතනයේ වර්ගය පවා ඇය ඔහුට කීවාය. ලක්ෂ තුන හතරක වටිනාකමක් ඇති එම ජංගම දුරකතනය රැගෙන මේ කියන තරුණ ව්‍යාපාරිකයා යන්නේ බලවන්තියගේ නිවසටය. ඒ ඇය දුරකතනය රැගෙන සිය නිවෙසට එන්නැයි කී නිසාය.

මෙම තරුණ ව්‍යපාරිකයා සමාගම් අධ්‍යක්ෂවරියගේ නිවසට ඇතුළු වනවාත් සමඟ ඇගේ නෙත ඇදී ගියේ එහි සිටි සුරූපී කාන්තාවක් කෙරෙහිය. ඇය සිටියේ ඩොලර් නොට්ටු විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන ඒවා ගණන් කරමිනි. ඊට පෙර කිසිදු දිනක මේ තරුණ ව්‍යාපාරිකයා එතරම් ඩොලර් නෝට්ටු තොගයක් නම් දැක තිබුණේ නැත. වැඩිපුරම ඒ අතර තිබුණේ 100 නෝට්ටු බව ඔහු දුටුවේය. ඇය සිටියේ එම නෝට්ටු ගණන් කරමින් මිටි බඳිමිනි.

“මෙයාට තමයි ඔය ෆෝන් එක ගේන්න කිව්වේ“ ඩොලර් නෝට්ටු මිටි බඳිමින් සිටි සුරූපිණිය පෙන්වමින් ඇය ඔහුට කීවාය.

“මෙයා ලංකාවේ ලොකු කම්පැන්නියක අයිතිකාරිනියක්. පේනවනේ සල්ලි වැක්කෙරන්න තියෙනවා“ සමාගම් අධ්‍යක්ෂවරිය නිවෙසේ සිටි ඇයව ඔහුට හඳුන්වා දුන්නේ එසේය.

ඇය මේ තරුණ ව්‍යාපාරිකයාට එදා එසේ හඳුන්වා දුන්නේ වෙන කිසිවෙක් නොව, තිළිණි ප්‍රියමාලිව ය. තරුණ ව්‍යාපාරිකයාගෙන් තිළිණි ප්‍රියමාලි ජංගම දුරකතනය මිලදී ගත්තේ ඔහු කී ගාණට වඩා වැඩි ගාණක් ඔහු අත තබමිනි.

“මේ සල්ලි —–ගේ ඒවා “ යැයි ඇය දේශපාලනඥයකුගේ නමක් කියමින් මේ තරුණ ව්‍යාපාරිකයාට තිළිණි කියන්නට වූයේ ඔහු එම මුදල් ගැන වැඩි අවධානයක් යොමු කරන බව දැනී වන්නට ඇත. තරුණ ව්‍යාපාරිකයාද ඒ කී දේ විශ්වාස කරන්නට වූයේ සමාගම් අධ්‍යක්ෂවරිය එකී නම කියැවුණු දේශපාලනඥයාගේ පවුල සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වමින් සිටින්නියක් බව දැන සිටි බැවිනි.

“ ගෝල්ෆේස් අරගලය නිසා ඒ අයගේ ගෙවල්වල දැන් සල්ලි තියා ගන්න බැරිවයි මට දුන්නෙ.“ තිළිණි ප්‍රියමාලි ඒත් එක්කම කියන්නට වූවාය.

හැබැයි ඇය මේ කළේ ලොකු බොරුවකි. ඇයට උවමනා වූයේ එකී දේශපාලනඥයා සමඟ ඇයට ළඟ සම්බන්ධයක් ඇති බව පෙන්වා මේ තරුණ ව්‍යාපාරිකයාව ඇන්දවීමටය.

“මේ සල්ලි ඔක්කොම ඉක්මනටම මාරු කරන්න ඕනේ. මෙච්චර ඩොලර් තොගයක් ගෙවල්වල තියා ගන්න බැහැ.“ යැයි ද කියමින් එහිදී ඇය මේ තරුණ ව්‍යාපාරිකයාට යෝජනාවක් ගෙන එන්නේ ඩොලර් ටිකක් ඔහුට ද මිලදී ගන්නා ලෙසට ආරාධනාවක් කරමිනි. ඇය ඔහුට කියන්නට වූයේ වෙළඳපොළේ ඒ වන විට ඩොලර් අලෙවි වන මිලට වඩා අඩු ගාණකට ඩොලර් ටිකක් දිය හැකි බවය.

“ මම ඔයාට දෙන්නම් මාර්කට් එකේ ප්‍රයිස් එකට වඩා ඩොලර් එකට 50ක් අඩුවෙන්“ ඇය ගණන් මිනුම් කීවේ එසේය. ඩොලර් එකක් රුපියල් 50ක් අඩුවෙන් ලැබෙනවා යැයි කියන්නේ තමාට ලද ඉල්ලමක් බව සිතූ තරුණ ව්‍යාපාරිකයා ඒ ගැන දෙවරක් සිතන්නට ගියේ නැත. සිය ජංගම දුරකතනයේ බොත්තම් කිහිපයක් ඔබා ඔහු සිය බැංකු ගිණුමෙන් ඇගේ ගිණුමට රුපියල් ලක්ෂ 50ක් හුවමාරු කළේය. ඒ වටිනාකමට සරිලන ඩොලර් නෝට්ටු මිටියක් ද ඇය ඒත් එක්කම ඔහු අත තැබුවේය.

“ඔයාට තව ඩොලර් ඕනෙ නම් මට කියන්න“ යැයි පවසමින් තිළිණි ප්‍රියමාලි එම තරුණ ව්‍යාපාරිකයා අතට ඇගේ ජංගම දුරකතන අංකය ලියැවුණු හඳුනා ගැනීමේ කාඩ්පත තැබුවාය.

මෙම තරුණ ව්‍යාපාරිකයා ඒ මොහොතේ සිටම සිතන්නට වූයේ තමාට මේ ලද අවස්ථාව ගැනය. ලක්ෂ පනහට ඔහුට ලක්ෂ හැට හැත්තෑවක වටිනාකමක් ඇති ඩොලර් නෝට්ටු තොගයක් ඒ වන විටත් ලැබී තිබුණේය. ඒ නිසාම ඔහු තමාගේ මුළු සේසතම හූරා රුපියල් කෝටි 05ක් එකතු කරගෙන තිළිණි ප්‍රියමාලිට ඇමතුමක් දුන්නේ ඩොලර් ගොඩ වැඩිකර ගැනීමේ අරමුණ ඇතිවය.

ඇය එම මුදලද ගත්තේ බලවන්තියගේ නිවසේදීය. හැබැයි ඇය එවර ඔහුට ඩොලර් අතට දුන්නේ නැත. “රටේ තත්ත්වේ හොඳ නැති නිසා සල්ලි ටික පරිස්සමට තැනක හංගලයි තියෙන්නේ. ඔයා මට දවස් දෙකක් දෙන්න. සල්ලි ටික ඔයා කියන තැනකට ගෙනත් දෙන්නම්“ යැයි ඇය කීවාය.

තිළිණි ප්‍රියමාලි සමඟ ලක්ෂ 50 ක ගනුදෙනුවක් කලින් කර තිබුණු බැවින් තරුණ ව්‍යාපාරිකයාට ඇය කෙරෙහි කිසිදු සැකයක් නොවීය. එහෙත් අවසානයේදී සිදුවන්නේ තිළිණි ප්‍රියමාලි ඔහුව ලස්සනට අන්දවා රුපියල් කෝටි 05කට වැඩේ දී තිබීමය.

අදටත් මේ කියන තරුණ ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් නැත. තමාට සිදුවූ මේ වංචාව ගැන පැමිණිලි කරන්නට තරම්වත් උනන්දුවක් නැති තරම්ය. ඒ තමාට සිදුවූයේ කුමක්දැයි ඔහුටද සිතා ගන්නට බැරිව සිටින බැවිනි. එහෙත් දැනගන්නට ඇති ආකාරයට අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් හැම දෙයක්ම කියා පැමිණිල්ලක් කරනු ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශනවලින් පැහැදිලිවම අනාවරණය වෙමින් ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුවූ බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී ඇත්තේ එකී සමාගම් අධ්‍යක්ෂකවරිය හරහා ඇයව හඳුනා ගෙන බවය. තිළිණි ගැන චරිත සහතික දී ඇත්තේද එම බලවන්තියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මෙම සමාගම් අධ්‍යක්ෂවරිය තිළිණි ප්‍රියමාලි විසින් කරගෙන ගිය මෙම වංචාවේ සැඟවුණු චරිතයක් ලෙස ක්‍රියාකර ඇති බවකි. ඇය අධ්‍යක්ෂ ධුරය දරන සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා ද ඇය තිළිණිව සම්බන්ධ කරගෙන සිටියාය.

තිළිණි ප්‍රියමාලි වංචා කරමින් රැස් කළ කෝටි ගාණක මුදල්වලට සිදුවූ දෙය හරියටම දන්නේ මෙම සමාගම් අධ්‍යක්ෂවරිය බවට වූ විශ්වාසයක්ද මේ වන විට සමාජය තුළද ගොඩනැඟී හමාරය. විමර්ශනවලින් හෙළිවී ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ බැංකු ගිණුම්වල මෙම වසරේ ජනවාරි සහ ජුනි මාස අතර තිබුණු රුපියල් කෝටි 300ක මුදලක් හිටි හැටියේම අතුරුදන්ව ඇති බවය. ඒ මුදල් වලට සිදුවූ දෙයක් තවමත් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්කම් පා නැත. ඇය වැඩිපුරම ඇති හැකි අයගෙන් වංචා සහගතව ලබාගත් මුදල් වැය කළේ කලාකරුවන් වෙනුවෙනි. ඒ එම කලාකරුවන්ගේද අමුතු අමුතු හඬ පට මෙන්ම වීඩියෝ දර්ශන ඇය සතුව ඇති බැවිනි. කලාකරුවන්ට මෙන්ම ඇය වංචා සහගතව රැස් කරගත් මුදල් විවිධ පුද්ගලයන් සහ සංවිධානවලට පවා ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් හමාරය. ඒ අය අතර ඇයට සමීප පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම විකල්ප ධාරාවේ දේශපාලනඥයන්ද නැත්තේම නොවේ.

තිළිණි ප්‍රියමාලි අපේ රටේ කලාකරුවන් ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් එකතැනකට රැස්කරමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ වැඩකටද පසුගිය කාලයේ අත ගසා තිබුණාය. ඒ සඳහා ඇය දැවැත්ත මුහුරත් උලළෙක්ද සංවිධානය කර තිබුණාය. සැබෑ ලෙසම චිත්‍රපටක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් මතම එම මුහුරත් උලෙළ සංවිධානය වූයේ යැයි කියන්නට බැරිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් වෙත නම් පෙනී ගොස් ඇත්තේ “මායා ජාල“ නම් වූ එම චිත්‍රපටය වෙනුවෙන් මුහුරත් උළෙලක් ඇය ඉකුත් මාර්තු මාසයේ පවත්වා ඇත්තේ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් දපනේ දා ගැනීමේ අරමුණ ඇතිව බවය. ඇය ඒ වෙනුවෙන් එම මුහුරත් උලළෙ පවා සංවිධානය කරනුයේ හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට මුහුරත් උලෙළකට නොදැවෙනි ලෙසිනි. එම මුහුරත් උලෙළ සමාජයේ වඩාත් අවධානයට ලක්වීමට මෙරට ජනතාව අතර ශිවන්‍යා ලෙස ප්‍රචලිත මෝනි රෝයි නැමැති ඉන්දියානු රංගන ශිල්පිනියද ගෙන්වා ගැනීමට ඇය කටයුතු කර තිබුණාය. ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම මුහුරත් උලෙ‍ෙළ් ආරාධිතයන් අතර සිටියේ ප්‍රබල කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම ව්‍යාපාරිකයන්ය.

එදා ඒ මුහුරත් උළෙල වෙනුවෙන් ඇය වියදම් කර තිබුණේ යැයි කියැවෙන මුදල රුපියල් කෝටි දෙකකට අධිකය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහළම මහලක නමට පමණක් අටවාගත් සමූහ සමාගම් කාර්යාලයක් පවත්වාගෙන යමින් වංචාවෙන්ම ජීවත් වූ තිළිණි ප්‍රියමාලිගේ ගැටවලට හමුවී කෝටි ගණන් මුදල් අහිමිකරගත් එම ව්‍යාපාරිකයන් මෙන්ම තවත් බොහෝ අය තාමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි නොකලත් ඔවුන් කවරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම ඉදිරියේදී රටටම හෙළි කර ගනු ඇත. ඒ තිළිණිගේ බැංකු ගිණුම්වලට බැරවුණු මුදල් ආ හැටි සොයාගෙන යන විමර්ශනවලින් වගේම ඇගේ කාර්යාලයේ පරිගණක පද්ධතියෙන් පවා ඒ දේවල් රැසක්ම හෙළි වෙමින් ඇති බැවිනි. එය එසේ වූවත් තිළිණි ප්‍රියමාලිගේ මෙම වංචාවට අදාළ බොහෝ රහස් සැඟවී තිබුණු දෘඩ තැටි 05ක් නම් මේ වන විට ඇත්තේ අතුරුදන්වය. එම දෘඩ තැටි අතුරුදන් වෙන්නේ තිළිණි ප්‍රිමාලි අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇගේ කාර්යාල සංකීර්ණයේ පැවති පරිගණක උපාංග අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සිය භාරයට ගැනීමට ගතවූ දින කිහිපයේ ප්‍රමාදය හේතුවෙනි. බොහෝ රහස් සැඟවී ඇති එම දෘඩ තැටි සොරා ගැනීමට ලක්ව ඇතැයි විශ්වාස කරන්නෙ තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුවය. එම දෘඩ තැටි අතුරුදන් වෙන්නේ ඇය බන්ධනාගාරය තුළ සිටිමින් කළ මෙහෙයුමකට අනුව බවට සැකයක්ද පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හෙළි කරගෙන ඇති ආකාරයට අනුව ඇය බන්ධනාගාර ගතවූ මුල් දින කිහිපය තුල ජංගම දුරකතන තුනක් භාවිත කර ඇත්තේය. ඒ එක් ජංගම දුරකතනයකින් ඇය ඇමතුමක් දී ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ ඇය යටතේ සේවය කළ අධ්‍යක්ෂකවරයකුටය. සේවකයකුටය. එම දුරකතන ඇමතුම ගැන එම අධ්‍යක්ෂකවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා ඇත්තේ තිළිණි ප්‍රියමාලි දුරකතන අංක කිහිපයක් තමාගෙන් එම ඇමතුම දෙමින් ඉල්ලා සිටි බවය.

ඇය එසේ එම අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා ගත් දුරකතන අංක කිහිපය දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය.

ඇය සිය සමාගම් අධ්‍යක්ෂකවරයකුට ඇමතුමක් ගත්තේ දුරකතන 03න් එකකිනි. එම දුරකතන 03න් ඇමතුම් ඇය විසින් ලබා ගෙන ඇති ඇමැතුම් ගණන 22කි. එම ඇමතුම් 22ක ඇය ලබාගෙන ඇත්තේද දුරකතන අංක 11කටය. ඒ අයගෙන් එක් අයකුට ඇය ඇමතුමක් දෙමින් ඉල්ලා ඇත්තේ ඇප ලබා ගැනීමට නීතීඥ සහය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසය. එම පුද්ගලයා කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තාමත් එළියට නොදමන්නේ එම තැනැත්තා මේ වන විට වැදගත් සාක්ෂියක් බවට පත්ව සිටින බැවිනි.

ඇය හිර ගෙදර සිට ලබාගත් ඇමතුම් විශ්ලේෂණය කිරීමේදීද පෙනී යන්නේ ඇය හිරේ ඉඳන් පවා ඇමතුම් ලබා ගෙන ඇත්තේ එසේ මෙසේ පුද්ගලයන්ට නොවන බවය. ඒ අතර තමාට හිතවත් ඉහළ සමාජයේ කතක් සමඟද හිරේ සිට සිය නිදහස වෙනුවෙන් ඇය අදහස් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහූ දැන් හොඳාකාරවම දැන සිටිති. තිළිණි ප්‍රියමාලිගේ පසුපස සිටි හයියක් වූ ඇය සම්බන්ධයෙන්ද යම් විමර්ශනයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවත්වමින් සිටින්නේ නීතිය හමුවට ඇයවද රැගෙන ඒමේ සූදානමිනි. මෙම විමර්ශනයට තවමත් කිසිදු ආකාරයකින් බලපෑමක් එල්ලවී නැත. ඒ කුමන බලපෑමක් පැමිණියත් විමර්ශන හරි මඟ රැගෙන යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටින්නේ දැඩි අධිෂ්ඨානයකිනි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අද ටොස් එක අයර්ලන්තය දිනයි! මුලින්ම බැට් කරයි!

Next Post

අවුරුදු 20ක හිනිදුම පොහොට්ටු බළකොටුවත් සජබය ‌බිඳ දමයි! 99න් 52කම බලය අල්ලයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.