හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන මහමැතිවරණයේදී පොලොන්නරු දිස්ත්‍රීක්කයෙන් තරග කළද මුළු රටම ආවරණය වන පරිදි ජාතික මට්ටමේ දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙවර සිරිසේන මහතා ‘අපට-රටට මෛත්‍රී” යන තේමාව යටතේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පොලොන්නරුවට පමණක් සීමා නොකොට රටම ආවරණය වන පරිද්දෙන් දියත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ සදහා විශාල මුදලක් වෙන් කිරීමට දැනටමත් සිරිසේන මහතා කටයුතු යොදා ඇති බවද දැනගන්නට තිබේ.










