අප රටට නිසි න්‍යායක් අවශ්‍ය බවත් ඒ න්‍යාය රටට ගැලපිය යුතු බවත් මේ රටේ හැමදාම දෝලනය වූයේ අන්ත ධනවාදය හෝ අන්ත සමාජවාදය වුවත් සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ තුන්වැනි මාවත වන මානුෂීය ධනවාදය අගය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලොකුවට සමාජවාදය නිර්ධන පන්තිය සහ කම්කරු අයිතිය ගැන කතා කරන පුද්ගලයන් කණ්ඩායම් බලය උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති පාවා දී ඇති බවත් එහෙත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් ලෙස සෑම විටම මානුෂීය ධනවාදයට ගරු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේ උත්පාදනය කරන ධනයේ කොටස්කරුවන් ලෙස රටේම ජනතාව පත් කරන බවත් එය නිවැරදි මැද මාවත බවත් එය රටට ඇති එකම විසදුම සහ උත්තරය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවැති සමගි ජන බලවේගයේ බ්ලූප්‍රින්ට් ආර්ථීක සමුළුව අමතමිනි.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙය් රජයකට ධනය උත්පාදනය කළ නොහැකි බවත් ධනය උත්පාදනය කරන හොඳම ක්‍රමවේදය සමාජ වෙළෙඳපොළ ආර්ථිකය මත කේන්ද්‍ර වූ ඉල්ලුම සැපයුම මත වෙළෙඳපොළ බලවේගවලට මුල්තැන ලබා දුන් ව්‍යවසායකත්වය මගින් බවත් මේ ධනවාදය ලුම්පන් හෝ ගජමිතුරු ධනවාදයක් නොවිය යුතු බවත් එය රටේ සෑම අයකුටම පොදු එකක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
එසේ ම මේ රටේ ආණ්ඩු බලය ලබා ගන්න සැලසුම් හදන අයගෙන් අහන්න ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් ඇත්ද? කියා බවත් තමන්ට පෙනෙන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදිව ගනුදෙනු කිරීමෙන් පවතින තත්ත්වයෙන් රට ගොඩගත හැකි නමුත් පරක්කු වෙලා ගිය නිසා ශක්තිමත් සාකච්ඡාවකට ප්‍රවේශ විය නොහැකි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හරියට ගණුදෙනු නොකිරිම සම්බන්ධයෙන් විපක්ෂයට විවේචනයක් ඇති බවත් පැවසීය.
























