ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග මෙසේ රෝගීන් සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකුටද කොරෝනා වැළදී ඇති බව තහවුරු වී ඇත.










