• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුරාවස්තුවලට අත තියන්න බැරිවෙන්න ගෝඨා වැඩේ ලෑස්ති කරයි

July 25, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
පුරාවස්තුවලට අත තියන්න බැරිවෙන්න ගෝඨා වැඩේ ලෑස්ති කරයි
Share on WhatsAppShare on Facebook

පුරාවස්තු රැක ගැනීමේ අරමුණින් යුතුව පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ සදහා විශේෂ කමිටුවක් පත්කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

‘ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි මාගේ අවධානය යොමු විය. පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට මම තීරණය කළෙමි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ. පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව මම පැවසීමි. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරනු ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බව මම පොරොන්දු වුනෙමි.ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත මාරු කරන මෙන් මහා සංඝරත්නය කළ ඉල්ලීම කෙරෙහි ද මාගේ අවධානය යොමු විය.

පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නැයි මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළෙමි.යටත් විජිත යුගයේ දී සහ පසුකාලීනව මෙරටින් ගෙන ගිය පුරාවස්තු මහා බ්‍රිතාන්‍යයේ සහ ඩෙන්මාකයේ කෝපන් හේගන් කෞතුකාගාරවල තැන්පත් කර ඇති බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ. යුනෙස්කෝව සමග සාකච්ඡා කර ඒවා මෙරටට ගෙන්වා ගැනීමට ද උන්වහන්සේ යෝජනා කළහ. ගත වූ පස් වසර තුළ පුරාවස්තුවලට මෙන්ම ඓතිහාසික ස්ථානවලට විශාල වශයෙන් හානි සිදුවූ බව භික්ෂුන් වහන්සේ කීහ. විහාරස්ථානවලට අයත් පූජා භූමි විවිධ පිරිස් බලහත්කාරයෙන් අත්කරගෙන සිටිති. ඉන් ඓතිහාසික බෞද්ධ උරුමයට හානි සිදුව ඇතැයි උන්වහන්සේ කියා සිටියහ. කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන තිබේ. අදාළ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු දැනුමක් තිබී නොමැත. අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගත් පිරිසේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව වැය කර ඇති මුදල රුපියල් මිලියන 7000කි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත අධ්‍යක්ෂධූර සංඛ්‍යාව 11 කි. එහෙත් පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවසීය. අනුමත සහකාර අධ්‍යක්ෂධූර ගණන 38කි. එහෙත් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ එක් අයෙකු පමණි. මෙවැනි තත්වයක දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ නොහැකි බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80ක් පමණ වේ. පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙස ද මම උපදෙස් දුන්නෙමි. උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටිති. විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම මම ඔවුන්ට පැහැදිළි කළෙමි.

නිධන් හොරුන්ගෙන් පුරාවස්තුවලට සිදුවන බරපතළ හානිය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දුන්හ. “පුරාවස්තු තුළ තිබී රන්, රිදී, මැණික් වැනි වටිනා කිසිවක් මගේ හැට පස් වසරක ගවේෂණ කාලයේ දී හමු වී නැහැ. එබැවින් පුරාවස්තු රැක ගැනීමට ජනතාවට නිවැරදි දැනුමක් දීම ඉතා වැදගත්. පුරාවස්තු පිළිබඳ ගවේෂණ වාර්තාවක් සැකසීම සහ සිතියම්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. නිසි විමර්ශනයකින් තොරව ඉතිහාසය විකෘති කරමින් මත පළ කරන අයට එරෙහිව නීතිමය පියවර ගතයුතුයි” මේධානන්ද හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ වැදගත්කම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ අවධාරණය කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ දී විෂය දැනුම ඇති පිරිස් බඳවා ගැනීමට පියවර ගත යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

යටත් විජිත යුගයේ සකස් කළ පුරාවිද්‍යා පනතින් පුරාවස්තු පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව අවධාරණය කළහ.

පුරාවිද්‍ය පනත සංශෝධනයේ දී මහා සංඝරත්නය ගැඹුරු අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියෝ පෙන්වා දුන්හ. සංස්කෘතික අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ තබා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළහ.

පුරාවස්තු විනාශ කරන අන්‍ය ජාතීන්ට එය ආගමික දෙයක් නොව, ජාතික උරුමයක් බව වටහා දිය යුතුයැයි අමරපුර මහානිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ. සෙසු ආගමිකයන් සහ අන්තවාදී පිරිස් අතර ද මෙය අවබෝධකරගත හැකි උගත් පිරිසක් සිටින බැවින් පුරාවස්තුවල වටිනාකම් කියාදීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිළි කළහ.

පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියෝ පුරාවස්තු සුරැකීමට දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

“ජනාධිපතිතුමා පුරාවස්තු සුරැකීම් පිළිබඳ නව සංකල්පයක් සමාජයට ඉදිරිපත් කර තිබේ. එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායක කර ගන්න පිළිවන්”කෝට්ටේ කල්‍යානි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ කීහ.

කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියෝ කියා සිටියහ.දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබේ. ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවත් උන්වහන්සේ පවසති. එහෙත් බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ සභාවාරයට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඩෝසර් කර ඇත්තේ බුවනෙකබා රජු නඩු අහපු තැන!

Next Post

හාලිඇල පොහ‌ොට්ටු වේදිකාවේදී විජමුටත් හූ කියයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.