ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.
එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මක වේ.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කළමනාකරණයේ අනුමැතියට, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම මුදල ලබා දෙන බවට වූ වගන්තියක්ද එම නිවේදනයට ඇතුළත්ව ඇත.










