අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව දක්වා ඇත.
මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.
කෙසේ වෙතත් මහජන බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 205.98 ක් ලෙසින් දැක්වේ.
මීට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව රු. 200.50 ක්, සම්පත් බැංකුව රු. 201.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 201.50 ක් ආදී වශයෙන් අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.










