පසුගිය දා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම පිලිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූයේ ඔහු විශේෂ පහසුකම් යටතේ නිවසට පැමිණෙනු ඇතැයි සැක පළකරමිනි.
කෙසේ වෙතත් තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.
ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.










