ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ අද (15) අලුයම ඇති වූ ගින්නකින් එහි පැල්පත් නිවාස 50 පමණ විනාශ වී ඇති අතර මේ බව සැලවූ වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සිදුවීම වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට ගොස් ඇත.
මෙහිදී වතු ජනතාව ප්‍රේමදාස මහතා සමග අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගෙන තිබිණ.
කජීමා වත්තේ පැල්පත් 250කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ගිනි නිවීමේ හමුදාව වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීම නිසා සෙසු නිවාසවලට පැතිරයාම වළක්වා ගැනීමට හැකිව තිබේ.












