පසුගියදා අරලිය ගහ මැදුරේදී ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇති ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජිතයකුට රැකියාව අහිමි වී ඇති පුවතක් වාර්තා වේ.
මෙම තැනැත්තා ජනාධිපතිවරයා සමග අරලිය ගහ මැදුරේ පැවැති සාදයට පැමිණ සෙල්ෆි ඡායාරූපයක් ගසා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට ඇති බව දැනගන්නට ඇත.
පසුව ඒ පිළිබද මැතිඇමැතිවරුන් පැමිණිලි කිරීමෙන් පසු අදාළ ඡායාරූපය ඉවත් කිරීමට එම පුද්ගලයා පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් ලැබුණු පැමිණිලි සලකා බලා එම පුද්ගලයා මාධ්‍ය ඒකකයෙන් ඉවත් කොට ඇති බවද දැනගන්නට ඇත.