ආණ්ඩුවේ ඉදිරි පෙළ මැතිඇමැතිවරුන් වන ගාමිණී ලොකුගේ මහතා සහ ජෝන් සෙනෙවිරත්න මහතා මේ දිනවල මහත් දෙගිඩියාවක සිටින බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා ආසාදිත වීමට ප්‍රථම අවසන් වරට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමට ගාමිණී ලොකුගේ සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන්ද සහභාගී වී සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ එම රැස්වීමේදී අදාළ මැතිඇමැතිවරුන් මුව ආවරණ හෝ පැළද නොසිටි බවකි.










