එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පසුගියදා පැවැති ඡන්ද විමසීමේදී ලංකාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටත්, විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතාටත් බරපතළ චෝදනා එල්ල වී තිබේ.
මෙහිදි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් පෙන්වා දී ඇත්තේ මෙම පරාජයේ වගකීම දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජයනාත් කොළඹගේ මහතා විසින් බාර ගත යුතු බවය.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුවේ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාද අවධාරණය කර සිටියේ මෙම පරාජයේ වගකීම විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා විසින් බාරගත යුතු බවකි.










