අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එහිදී තොණ්ඩමන් පවුලේ ඥාතීන්ට සිය ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.