වසර 20ක් පුරා ප්‍රතිසංස්කරණය නොකොට අභාවයට යමින් තිබූ හික්කඩුව ඌරාවත්ත ධීවර නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන මෙවර හික්කඩුවේ පැවැති අතර එහිදී එම නිවැසියන් අදාළ නිවාස සංකීර්ණය අලුත්වැඩියා කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට කියා සිටියේ වහාම එම ධීවර නිවාස සංකීර්ණය අලුත්වැඩියා කර දෙන ලෙසය.










