සමගි ජන බලවේගයේ සාර්ථකත්වය බලා ගැනීමට අද (15) සවස 2.30ට කොළඹ හයිඩ් පිටියට පැමිණෙන ලෙස එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය නිමිති කොටගෙන සිරස රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
මේ වනවිට සමගි ජන බලවේගය රට පුරාම ශාඛා ජාල පිහිටුවා ඇති බවත්, පක්ෂයේම මුස්ලිම්, දෙමළ සංවිධාන සකස් කොට ඇති බවත් හෙතෙම කීය.










