• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්?

April 27, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්?
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා කොරෝනා රෝගයට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා පිළිගෙන තිබුණත් තවමත් රටට ගෙනවිත් ඇත්තේ එන්නත් පක්ෂ 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී සේනාරත්න මහතා මෙසේද කීය.

කෝවීඩ් වර්තමාන තත්ත්වය දිහා බලන විට විශාල පැතිරීමක් සිදුවෙලා. එයට රජය ක්‍රියාමාර්ග ගෙන තිබුණත් වඩා අවධානයක් යොමු කර යුතු වෙනවා සුදර්ශනී ඇමතිවරිය වෙනම චක්‍රලේඛණයකකුත් යවා තියෙනවා. ඒ හේතුවෙන් මැයි දින උත්සව අවලංගු කරලා. සියළුම වෛද්‍ය සංගම් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා. එය පවතින අවධානම ගැන සාකච්ඡා කරන්න. නමුත් තවමත් ජනාධිපතිවරයා එයට පිලිතුරක් ලබා දී නැහැ. මේ වනවිට කෝවිඩ් විශාල පැතිරීමක් සිදුවෙලා ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇති බවට වෛද්‍ය සංගම් ප්‍රකාශ කරනවා. හදිසි ප්‍රතිකාර ඒකක රෝගින්ගෙන් පිරී ගිහින්.

මෙහි වැදගත් දෙයක් තිබෙනවා. ඒ වෛරසයේ රෝග ලක්ෂණ නොපෙන්වීමයි. මෙය සෘජුවම නිව්මෝනියා තත්ත්වයට පත් වෙනවා. එය භයානක තත්ත්වයක්. මෙතෙක් කිව්වා කෝවිඩ් 19 අවධානම තරුණයන්ට අඩුයි කියලා. නමුත් ⁣මෙම ප්‍රභේද තරුණයන්ට විශාල ලෙස බලපාන බව වෛද්‍යවරුන් පවසනවා.රෝගී කුඩා දරුවන්ගේද වැඩි වීමක් සිදුවෙලා.

මෙම නව ප්‍රභේදය එන්නතට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ වෙනුවෙන් පසුගිය 22 වෙනිදා වෛද්‍ය සංගම් රැස්වීමක් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා එය තවමත් ලබා දී නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ කාලයෙන් පසුව කිසිම වෙන්ටිලේටරයක්වත් ගෙන්වා නැහැ. මේ වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල් තිබිය යුතුයි. එසේ කර නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ වෙනම එක රෝහලක් තියෙනවා. එයට පහසුකම් ලබා දී නැහැ. පහසුකම් ඉල්ලා මාස තුනක් වෙනවා තවම ලැබී නැහැ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනම කෝවිඩ් රෝහලක් තිබුනත් එයටත් පහසුකම් ප්‍රමාණවත් නැහැ. විශාලතම දිස්ත්‍රික්කය වන ගම්පහ දිස්ත්‍රික්කයට වෙනම කෝවිඩ් රෝහලක් ලබා දී නැහැ. KDU රෝහලේ ICU ඇදන් පහසුකම් නැහැ. එදා අපිට විරුද්ධව කෑ ගැහුවා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරනවා කියලා. අද එම රෝහලේ තමයි කෝවිඩ් රෝගින්ට පහසුකම් ලබා දෙන්නේ. මේ ආණ්ඩුව දැන් කරන්නේ එදා අපි කරපු දේමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වෛද්‍ය උපකරණ ලබා දුන්නත් එය තවම ලබා ගෙන නැහැ. දැනට මාස තුනක් වෙනවා මේ රජය කිසිම උපකරණයක් මිලට ගෙන නැහැ. එදා සුවසැරිය ගෙනාපු අවස්ථාවේ කෑ ගහපු GMO එක අද කෝ. එදා ⁣ඖෂධ මිල අඩු කරාම කිව්වා බාල බෙහෙත් ගේනවා කියලා අද ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා එන්නත් තමයි කොරෝනාවලට එකම විසදුම කියලා. ඒ බව අපි කිව්වා පලමු රැල්ලේදීම. තවමත් ලක්ෂ 12යි එන්නත් ලැබී තියෙන්නේ. එය ප්‍රමාණවත් නෑ.

ආණ්ඩුව අද දඩයම ක්‍රියාත්මක කරමින් යනවා. රිෂාඩ් බදුර්දීන් ,අසාද් සාලි වැනි අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පස්සේ යනවා. ලෝකයේ කිසිම රටක් එසේ කර නැහැ .දඩ⁣යමෙන් කෝවිඩ් නතර කරන්න බැහැ. ආණ්ඩුව සියලු දේ නතර කරලා කෝවිඩ් පාලනයට අවධානය යොමු කර යුතුයි .මර්දනයෙන් හැදුනු රටවල් ලෝකයේ නැහැ. රජයෙන් ඉල්ලා සිටිනවා දඩයම නතර කර සියලු දෙනා කැදවා විසදුම් සොයන ලෙසට.

SendShareShare
Previous Post

හරීන් උසාවි යයි

Next Post

ස්වර්ණවාහිනිය ගොඩගත් සුදේව ජනාධිපති ළඟට ගනී

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.