මේ වනවිට ජනාධිපතිවරයාත්, පොලිසිය භාර අමාත්‍යවරයාත් රටේ නොමැති බවත්, පොලිස්පතිවරයෙක්ද නිසි අයුරින් පත් කොට නොතිබීම නිසා පාස්කු ප්‍රහාරය වැනි යමක් සිදුවුවහොත් වගකීම බාරගන්නේ කව්රුන්ද යන්න විශාල ගැටලුවක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය ඉරිදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී මඩකලපුවේ තෘණ ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උපදෙස් රැසක් නිකුත් කළ නමුත් එය මෙතෙක් ඉටුවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමසා සිටීමට පොලිස්පතිවරයෙක් රටේ නොමැති බවත්ය.
එම නිසා හැකි ඉක්මණින් පොලිස්පතිවරයකු පත් කිරීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










