• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිට පේන්න ගහක් උඩ නැගලා එක රැයින් ජනප්‍රිය වුණු මොණරාගල ගොවියා

February 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිට පේන්න ගහක් උඩ නැගලා එක රැයින් ජනප්‍රිය වුණු මොණරාගල ගොවියා
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගි වන සෑම “ගම සමඟ පිළිසඳරක්” අවසානයේම රටේ විවිධ ලොකු කතාබහක් ඇති වෙනවා. ඒ එහිදී ගන්නා ඇතැම් තීන්දු තීරණ හින්දා. ගම සමඟ පිළිසඳර වැඩසටහනේ අටවැනි අදියර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා. මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අළුත්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කුකුල් කොටුව වැව ඉස්මත්තේදි තමයි ඒ වැඩසටහන පැවැත්වුණේ. මීට පෙර පැවැති වැඩසටහන් 07ටම වැඩිය පසුගිය සතියේ මොණරාගල පැවැති වැඩසටහන ජනප්‍රිය වුණා කිව්වා නම් හරි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සඳහා විශාල කතාබහක් ඇති වුණා. පැලක් උඩ ඉඳන් ගොවි මහත්මයෙක් මයික් එකක් අතේ තියා ගෙන සිටින ඡායාරූපයට තමයි ඒ අතරේ වැඩි දෙනාගේ අවධානය යොමු වුණේ.

මේ ගොවි මහත්මයා පැලක් උඩට නැඟලා ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියන අදහස ඇති වන ආකාරයෙන් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඡායාරූපය ප්‍රචාරය වුණේ. ගම සමඟ පිළිසඳර වැඩසටහන සම්පූර්ණයෙන් නොබලපු බොහෝ දෙනෙක් ඒක විශ්වාස කළා. ඒ තරමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කරපු බලපෑම ප්‍රබල එකක් වෙලා තිබුණා.
ඒ ගැන දිනෙන් දිනම විවිධාකාරයේ විවේචන එල්ල වෙන හින්දා එදා ඇත්තටම වුණේ මොකක්ද කියලා හොයලා බලන්න අපි තීරණය කළා. එහිදී මෙතෙක් කලක් බොහෝ දෙනකු දැන නොසිටි බොහෝ දේ හොයා ගන්න අපිට පුළුවන් වුණා.

මෙවර වැඩසටහන පැවැත්වුණේ වැව් පිට්ටනියක් අයිනේ හින්දා ස්වභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් වැඩසටහන පවත්වන්න තමයි සංවිධායකින් තීරණය කරලා තිබුණේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සංකල්පයක් තමයි ඒ තීරණයට මුල් වෙලා තිබුණේ.

බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු පැලත් ඇත්තටම කුකුල් කොටුව වැව් ඉස්මත්තේ තිබුණු එකක් කියන එකත් මේ ගැන විස්තර හොයද්දී අපිට දැන ගන්න ලැබුණා. ඒ වගේම ඒ උඩ නැගලා හිටිය ගොවි මහත්තයත් ඒ ගමේම ජීවත් වෙන ඇත්තම ගොවි මහත්තයෙක්. හැබැයි බොහෝ දෙනා හිතුව විදියට ඒ ගොවි මහත්තයා මයික් එකක් අරගෙන පැලට නැගලා තියෙන්නේ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න අහන්න නම් නෙවෙයි.

වැඩසටහන ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් සාම්ප්‍රදායික සී පදයක් ගායනා කරන්න තමයි ඒ ගොවි මහත්තයා පැලට නැගලා තිබුණේ. පැලට නැඟලා සී පදය කිව්ව ගොවි මහත්තයා ඊට පස්සේ බැහැලා ඇවිත් පිරිස සමඟ එකතු වෙලා තිබුණා. වැඩසටහන සම්පූර්ණයෙන් නරඹපු අය නම් ඒක හොඳටම දැක්කා. කොහොම වුණත් තමන්ගේ ගැමිකම සහ අව්‍යාජ බව ප්‍රදර්ශනය කරමින් රටේ නායකයා පිළිගන්න පැලට නැඟලා සී පදයක් ගායනා කළ වරදට තමන් රටේ ඇතැම් අයගේ හාස්‍යයට ලක් වෙලා කියන එක මේ ගොවි මහත්තයා තවම දන්නේ නැහැ. මොකද කෝල් එකක් ගන්නවත් හරියට සංඥා නැති ඉතාම දුෂ්කර ගම්මානයක් තමයි අළුත්වැව කියන්නේ. මේ ගොවි මහත්තයා සමඟ කතා කරන්න උත්සාහ කළ අවස්ථා කිහිපයේදීම දුරකතන සංඥා අපට ඉඩ ලබා දුන්නේ නැත්තේ ඒ දුෂ්කර බව අපටත් ඒත්තු ගන්වමින්.

පැලට නැඟපු ගොවි මහත්තයා ගැන වගේම ඒ අවස්ථාවේ ඉදි කරලා තිබුණු වේදිකාව ගැනත් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දේ කතා කළා. සාම්ප්‍රදායික ගොවි ගෙදරක් නිරූපණය වන ආකාරයෙන් ගම සමඟ පිළිසඳර වැඩසටහනේ වේදිකාව සකස් කරන්න තමයි සංවිධායකයන් කටයුතු කරලා තිබුණේ. ප්‍රදේශයෙන් සොයා ගත හැකි සරල අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉතාම අවම වියදමකින් ඒක කරන්නත් ඔවුන් කටයුතු කරලා තිබුණා.

කුකුල්කොටුව ගමේ සිට මීටර් 100ක පමණ දුරකින් ඉදි කෙරුව ඒ වේදිකාව සඳහා පොල් අතු, පිදුරු වැනි නොමිලේ සපයා ගත හැකි දේවල් තමයි යොදා ගෙන තිබුණේ. ගමේ තරුණ පිරිස වගේම සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයනුත් ඒ ඉදිකිරීම් සඳහා සහභාගි වෙලා තියෙනවා.

රාජ්‍ය උත්සව සඳහා ඉතාම ඉහළ වියදම් දරන යුගයක තණමල්විල පැවැති ගම සමඟ පිළිසඳර වැඩසටහන ඉතාම අවම වියදමකින් සංවිධානය කර තිබීමත් කැපී පෙනෙන කාරණයක්. ඒ අවස්ථාවට සහභාගි වූ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම දෙනාටම ආහාර ලෙස ලබා දී තිබුණේ බතල, කට්ට සම්බෝල සහ පොල් පමණයි. සම්ප්‍රදායික බව සුරැකීම වගේම වියදම ඉතිරි කර ගැනීමත් එහි අරමුණ වූ බව තමයි සංවිධායකයන් කියන්නේ. ඒ වගේම ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා පානය කරලා තියෙන්නේ තැඹිලි ගෙඩියක් පමණක් වීමත් විශේෂ කාරණයක්.
ගම සමඟ පිළිසඳර වැඩසටහන සහ එහිදී ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් විවාදයක් ඇති වෙන එක හොඳ දෙයක්. ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන ක්‍රියාදාමයක යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න ඒ හරහා අවස්ථාව උදා වෙනවා. නමුත් කරුණු කාරණා හරි හැටි නොදැන ඇතැම් දේවල් ඕනෑවට වඩා හාස්‍යයට ලක් කරන්න යෑමෙන් ප්‍රදර්ශනය වන්නේ තමන්ගේ නොදැනුවත්කමයි කියන දේත් හැම දෙනාම සිහියේ තබා ගත යුතු දෙයක්. පැලට නැගලා ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න ඇහුවා යැයි කියපු ගොවි මහත්තයාගේ කතාවත් අන්න ඒ වගේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එදා ජැටි දුන්නෙ මෙහෙමයි: අද ජැටි දෙන්න යන්නෙ මෙහෙමයි: වරායෙ කතාව කියවලම බලන්න

Next Post

සජිත් 31 වන ‘සත්කාරය’ බම්බලපිටියට අරන් එයි

MORE NEWS

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.