• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්දෙන් පසු ආණ්ඩුවේ රැකියා ලක්ෂ එකහමාරක්

August 1, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
ජන්දෙන් පසු ආණ්ඩුවේ රැකියා ලක්ෂ එකහමාරක්
Share on WhatsAppShare on Facebook

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව එතුමා පෙන්වා දෙයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස  දෙන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද එතුමා කියා සිටී.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී මේ බව සඳහන් කළේය.

අපේක්ෂක තේනුක විදානගම මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. තමා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය.

අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසඳන බව ජනාධිපතිතුමා පැවසීය. වන අලි තර්ජනය, මත්ද්‍රව්‍ය උවදුර සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ  අඩු පාඩු පිළිබඳව රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ඩී.බී. ශෂිකලා සෙව්වන්දි දියණිය කොවිඩ් අරමුදල සඳහා තම මුදල් කැටය ජනාධිපතිතුමා වෙත පිරිනැමුවාය.

මහියංගනයට යන මග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය වියළුව කන්දකැටිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ. බොහෝ  දිස්ත්‍රික්කවල පවතින  වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථීර සාර විසඳුම් සෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව  ජනාධිපතිතුමා කියා සිටියේය.

සියලු ගැටළු අධ්‍යයන කර විධිවත් වැඩපිළිවෙළක් යටතේ දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරන බව  එතුමා පැවසීය.

අපේක්ෂක ඩිලාන් පෙරේරා මහතා වියළුව, මීගහකිවුල, පොළභූමිය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත වෙමින් ප්‍රදේශයේ ගැටළු විමසීය.

ඇල්ලන්ද මාර්ගය පිළිසකර කර බස්රථයක් ධාවනයට යොදවන ලෙස මීගහකිවුල ජාතික පාසලේ දියණියක කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. එය සටහන් කර ගන්නා ලෙස නිලධාරිනට දැනුම් දෙනු ලැබීය.

පුරන්ව ඇති අක්කර 3,000ක පමණ කුඹුරු අස්වැද්දීමට හැකි අයුරින් ලොග්ගල ඔය හරවා දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

මීගහකිවුල ජාතික පාසලේ උසස් පෙළ ගුරු හිගය සහ අඩු පාඩු පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

ක්‍රීඩාංගණය සහ ගුරු නිවාසය ඉදිකර දෙන ලෙස ඌව පරණගම ලූණුවත්ත ජාතික පාසලට පැමිණි ජනාධිපතිතුමාගෙන් විදුහල්පතිතුමා සහ සිසුහු ඉල්ලා සිටියහ.

අල ගොවීන් වගාව සඳහා දිරිමත් කළ ජනාධිපතිතුමා බදුල්ල බීජ පර්යේෂණ ආයතනය ගුණාත්මක බීජ අර්තාපල් පිළිබඳ පර්යේෂණ කරමින් තිබෙන බව සඳහන් කළේය.

අපේක්ෂක චාමික බුද්ධදාස මහතා ඌව පරණගම අඹගස්දෝව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක සම්පත් ජයසුන්දර මහතා වැලිමඩ ප්‍රාදේශීය සභා සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කථා බහක නිරත විය.

ප්‍රදේශයේ ව්‍යාපාරික සහ සෙසු ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. ලූණුවත්ත උඩපේරුව පදිංචි ගාමිණි කුමාරසිංහ මහතා විසින් නිෂ්පාදිත සැහැල්ලු කොල මඩින යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

වැලිමඩ විජය විද්‍යාලයේ මිහෙළි නිල්මිණි රත්නායක දියණිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළාය.

අපේක්ෂක සුදර්ශන දෙණිපිටිය මහතා බණ්ඩාරවෙල නගර සභා පරිශ්‍රයේ සහ අපේක්ෂක ජානක තිස්සකුටිට්ආරච්චි මහතා දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට පැමිණි ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

වගා වන්දි ප්‍රදානය ක්‍රමවත් කිරීමට සහ වගා අස්වැන්න සුරක්ෂිතව ප්‍රවාහනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

SendShareShare
Previous Post

වරාය වර්ජනය බලන්න ආ විමල්ට-උදයට විරෝධය (VIDEO)

Next Post

වර්ජනවලින් මාව බය කරන්න බෑ: මේ හදන්නේ වරායේ අර්බුදයක් ඇති කරන්න: ගෝඨා වර්ජනය ගැන කතාකරයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.