ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා අද (03) සවස පැවැති ජන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ජන්ද 137ක් සහ විපක්ෂව ජන්ද 5ක් හිමිවිය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තුනෙන් දෙකක් සහිත බලයක් ආණ්ඩුව සතුව පැවතියද එම ජන්ද ප්‍රමාණය 137 දක්වා අඩු වීමය.
එමෙන්ම විපක්ෂව ජන්ද 5ක් පමණක් ලැබුණු අතර සී.වී. විග්නේෂ්වරන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් තුන්දෙනකු විපක්ෂව ජන්දය භාවිත කළහ.
ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ජන්දය දීමෙන් වැළකී සිටියහ.
ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා ජන්ද විමසීමක් අවශ්‍ය බවට යෝජනා කර තිබුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.










