• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති වෘත්තීය සමිති ගෙන්වයි: රට හදන්න උදව් ඉල්ලයි

February 23, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති වෘත්තීය සමිති ගෙන්වයි: රට හදන්න උදව් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටලු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්.  සේවකයන් වෙනුවෙන් මේ ගැටලු විසඳීමට රජය කැපවී සිටිනවා.  ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට උදව් දෙන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කියා සිටීයේය.

හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරුවන් වෙනුවෙන් සටන් කරමින් ඉල්ලීම් ජයගත් නායකයකු බව සඳහන් කළ ජනාධිපතිතුමා තම රජය අනුගමනය කරන්නේ ද එකී පිළිවෙතම බවත්, වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීමට හැම විටම සූදානම් බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ අදහස් කළේ  අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමිනි.

සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන වතු සේවක සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ හමුවට සහභාගී වූහ.

වත්මන් රජය බලයට පත් කිරීමට පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති කළ දායකත්වය අගය කළ ජනාධිපතිතුමා ජනතා අපේක්ෂා ඉටු කිරීමටනම් රාජ්‍ය සේවය ශක්තිමත්, කාර්යක්ෂම සහ ඵලදායී බවට පත්කළයුතු යයි පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිතිවලට සවන්දීමටත් සමිති සමග සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය හැමවිටම සූදානම් බව කී එතුමා කොවිඩ් අර්බුදය දැන් සමනය වෙමින් තිබෙන බැවින් ඉදිරි කාලයේ දී මාස 03කට වරක් වෘත්තීය සමිති හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බව පැවසීය.

සෑම ආකාරයකම රාජ්‍ය ආයතන අරමුදල් සඳහා භාණ්ඩාගාරය මත යැපෙන තත්ත්වය නැති කොට කාර්යක්ෂම සහ ලාබදායී ආයතන බවට පත් කිරීමට උදව් වන්නැයි ජනාධිපතිතුමා සමිති නියෝජිතයන්ට අවධාරණය කළේය.

“අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනක. අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයන ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ.

රට තුළ වගා කළ හැකි සියලු දේ වගා කරන්නට පටන් අරන්. දැන් එවැනි ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රතිඵල දකින්න පුළුවන්” රජයේ ගමන් මග පැහැදිළි කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබේ. අප රටට සංචාරකයන් පැමිණෙන රටවල් බොහොමයක් තවමත් වසා ඇති බැවින් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් කලක් ගතවිය හැකිය. තවත් බොහෝ ආදායම් මාර්ග ඇහිරී තිබේ. එසේ වුවද රැකියා පෝලිමේ සිටී උපාධිධාරීන් 60,000කට රැකියා දීමට රජයට හැකි විය. දිළිඳුතම පවුල්වලින් තෝරා ගන්නා ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. දැනට 35,000ක් ඒ යටතේ බඳවා ගෙන ඇත. ඊළග අදියරේදී තවත් 35,000 බඳවා ගැනෙති.

ශක්තිමත් කාර්මාන්ත පද්ධතියක් සමග ජනතා කේන්ද්‍රීය දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට දිගුකාලීන පියවර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම් පිරිස් මේ යතාර්ථය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත පතුරුවා හරින බව පැවසීය.

වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, එහි යම් අඩුවක් තිබේනම් ඉදිරි කාලයේ නිවැරදි කරන බවත් සඳහන් කළේය.

රාජ්‍ය ආයතන තුළ හා සේවාවන්හි වෘත්තීය සාමය ඇති කිරිමට රජය සමත් වූ බව කී ප්‍රගතිශීලි වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙක් “Worker Director” පත් කරන්නැයි ජනාධිපතිතුමාට යෝජනා කළේය.

දින 180ක සේවා කාලය සම්පූර්ණ කළද තවමත් ස්ථීර පත්වීම් ලැබී නැති පිරිස් පළාත් පාලන ආයතනවල සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කළ විට පළාත් පාලන ආයතනවලට බරක් නොවන අයුරින් එවැනි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දිලුම් අමුණුගම, කංචන විජේසේකර, ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරු, සාගර කාරියවසම්, ජගත් කුමාර, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කැළෑ කපා වනසනවා මේ ගොයිය‌ෝ… බලාගන්න වනයට අධිපති දෙයියෝ…

Next Post

පෙනී නොපෙනී යන හිමිවරු-ඉඳහිට මතුවන උපාසකවරු… රුවන්වැලි සෑයේ නාහිමියන් පළමුවරට කරන හෙළිදරව්ව

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.