• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙනී නොපෙනී යන හිමිවරු-ඉඳහිට මතුවන උපාසකවරු… රුවන්වැලි සෑයේ නාහිමියන් පළමුවරට කරන හෙළිදරව්ව

February 24, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
පෙනී නොපෙනී යන හිමිවරු-ඉඳහිට මතුවන උපාසකවරු… රුවන්වැලි සෑයේ නාහිමියන් පළමුවරට කරන හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

දහසක් වැඩ රාජකාරි, ප්‍රශ්න හමුවේ විඩාපත් වුණු හිත මොහොතකට සුවපත් කර ගන්න බොහෝ දෙනෙක් අනුරාධපුරයේ රුවන්වැලි සෑය ළඟට යන්නේ අන්න ඒ හින්දයි. වසර දෙදහසකට වැඩි කාල සීමාවක් පුරා ලෝ පුරා බෞද්ධයන්ගේ හිත් ඒ විදියට සුවපත් කළ රුවන්වැලි සෑ රදුන් අදටත් ඒ සිසිල අඩුවක් නැතිව බෙදා දෙනවා.

ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් සතු මේ විස්මිතභාවය හින්දම ඒ සම්බන්ධ බොහෝ කතන්දර නිර්මාණය වෙලා තියෙනවා. ඒ සමහර දේවල් එකපාරටම විශ්වාස කරන්නත් අමාරුයි. වර්තමානයේදී නම් ඒ ආකාරයේ බොහෝ දේවල් අන්තර්ජාලය හරහා දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ රුවන්වැලි සෑයේ අද්භූත දේ පිළිබඳ බොහෝ දේ ප්‍රචාරය වෙනවා. විවිධාකාරයේ ඡායාරූප ප්‍රචාරය වෙනවා. ඒ හැම එකකටම ඉතාම විශාල ජනතා ආකර්ෂණයක් ලැබිලත් තියෙනවා. හැබැයි මේ හැම දේකටම විරුද්ධව මත දරන බොහෝ දෙනකුත් ඒ අතරේ දැක ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මවා පෑම් කියන එකයි ඒ අයගේ මතය වෙලා තියෙන්නේ.

අද ඊයේ පටන් නෙවෙයි රුවන්වැලිසෑයේ විස්මිත අද්භූත සිදුවීම් ගැන ඈත අතීතයේ පටන්ම තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඈත අතීතයේ සාහිත්‍ය කෘතිවල පවා බොහෝ දේ ලියැවිලා තියෙනවා. රුවන්වැලි සෑයේ ධාතු ගර්භයට ගිය රජවරුන් පිළිබඳව පවා තොරතුරු ඒ අතරේ තියෙනවා.

මේ දේවල්වල ඇත්ත නැත්ත 100%ක් තහවුරු කර ගන්න එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ඇත්තටම රුවන්වැලි සෑයේ ඔය කියන විදියේ අද්භූත විස්මයජනක දේ සිද්ධ වෙනවද කියන එක හොයලා බලන්න බැරි කමක් නැහැ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ සැරේ අනුරාධපුරයේ ගියේ. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ලොකු සමාජ කතිකාවතත් ඒකට හේතු වුණා කිව්වොත් හරි.

මේ හැම දෙයක් ගැනම හරියටම විස්තර දැන ගන්න රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැ දකින්න අපි තීරණය කළා. උන්වහන්සේ හැර ඒ සඳහා වෙනත් සුදුස්සෙක් නොමැති බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නැහැ. ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙන් කළ කාලය පිළිබඳව මව්රට පාඨකයන් සියලු දෙනාගේ ගෞරවනීය කෘතඥතාවය උන්වහන්සේට හිමි විය යුතුයි.

රුවන්වැලි සෑයේ හුඟක් හාස්කම් තියෙනවා. එහෙම තමයි හැමෝම කියන්නේ. ඒක ඇත්තක්ද කියලා අපි රුවන්වැලි මහා සෑයේ නායක හාමුදුරුවන්ගෙන් කෙළින්ම ඇහුවා.

“හාස්කම් කියන වචනය මේකට යොදා ගන්නවට මම නම් පොඩ්ඩක්වත් කැමැති නැහැ. ඒ හරහා වෙනම මතයක් තමයි සමාජගත වෙන්නේ. හැබැයි මේ රුවන්වැලි සෑ පුදබිමේ බොහොම අද්භූත, ආශ්චර්යමත් දේවල් අසන්න දකින්න ලැබෙන බව මම අත්දැකීමෙන් දන්නවා. ඒත් ඒ දේවල් නිකම්ම එන යන අයට දැනෙන්නේ නැහැ. බොහොම භක්තිමත්ව ආධ්‍යාත්මිකව මෙතැනට එන අයට තමයි ඒක හොඳටම දැනෙන්නේ” ඒ ප්‍රශ්නයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ එහෙමයි.

ඒ අතරේ උන්වහන්සේ සිදුකළ අනාවරණයත් ඉතාම සුවිශේෂී වන බව තමයි අපේ අදහස. ඒ මේ පින්බිමේ සැරිසරන ඇතැම් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්.

“ඇත්තටම මේ පින්බිම පුරා සැරිසරන අපිට වැඩිය වෙනස් භික්ෂූන් වහන්සේලා අපි දැකලා තියෙනවා. මෙතැන වැඩ කරන අයත් අපි එක්ක ඒ ගැන කියලා තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නේ භාවනානුයෝගීව. ඒ හින්දා අපි කාටවත් ඒ හිමිවරු එක්ක කතා කරන්න බැහැ. අපි කතා කරන්න උත්සාහ කරලත් නැහැ. උන්වහන්සේලා අපිට වැඩිය බොහොම වෙනස් කියන එක අපිට හොඳටම දැනිලා තියෙනවා. ඒත් උන්වහන්සේලා ආවේ කොහෙන්ද, යන්නේ කොහෙටද කියන එක කවුරුවත්ම කවදාවත්ම දැකලා නැහැ. ඒක ඇත්තටම අපිටත් අබිරහසක්. රාත්‍රි කාලයට වගේම දහවල් කාලයටත් සෑ මළුවේ උන්වහන්සේලා භාවනානුයෝගීව වැඩ ඉන්නවා මම කිහිප වරක්ම දැක තියෙනවා. ඒ අය අපට වැඩිය ආධ්‍යාත්මික අතින් ඉහළ ස්වාමීන් වහන්සේලා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. සමහර වෙලාවට එවැනි ආකාරයේ ගිහි පිංවතුනුත් මම දැකලා තියෙනවා. ඒ ගිහි පිංවතුනුත් සාමාන්‍ය අයට වැඩිය බොහොම වෙනස්.”

උන්වහන්සේ කරුණු පැහැදිලි කළේ එහෙමයි.

ආධ්‍යාත්මිකව බොහෝ දියුණු වනවාසී භික්ෂූන් වහන්සේලා අපේ රටේ වැඩ වාසය කරන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. රුවන්වැලි සෑ මළුවෙදි මේ විදියට දර්ශනය වෙන්නේ එවැනි ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒත් ඒක නිෂ්චිතවම තහවුරු කරන්න සාක්ෂි අපි ළඟ නැහැ. ඒත් නායක හාමුදුරුවෝ කියන විදියට නම් උන්වහන්සේලා ඉතාම සුවිශේෂීයි. ඒ වගේම අපි දන්න තරමින් උන්වහන්සේ මේ ගැන මීට කලින් ප්‍රසිද්ධියේ කතා කරලත් නෑ.

ඊට අමතරව මේ දවස්වල කතාබහට ලක් වෙලා තියෙන තවත් බොහෝ දේ ගැන කරුණු පැහැදිලි කර දෙන්න හේමරතන නායක හාමුදුරුවෝ කාරුණික වුණා.

“මෙතැනට විවිධාකාරයේ වර්ණ රටා දර්ශනය වන එකත් ඇත්ත කතාවක්. මම ඒකත් හොඳටම දැකලා තියෙනවා. හැබැයි ඒක වෙන්නේ කොහොමද, ඊට සම්බන්ධ වෙනත් බලපෑම් තියෙනවද කියන එක පැහැදිලි කරන්න මට බැහැ. ඒ වගේම සඳ පායන දිනවලදිත් රුවන්වැලි සෑය අභිමුවේ අපූරු වර්ණ රටා මැවෙනවා. මෙතැනදි ඇහෙන විවිධාකාරයේ ශබ්දත් ඕනෑ තරම්. විශේෂයෙන් පාන්දර 4ට පූජාව තියන්න යන වෙලාවට ඒ වගේ විවිධ ශබ්ද ඇහෙනවා. ඒත් ඒ මොනවද කියන එක පැහැදිලි කරන්න මට බැහැ. මොකද මම ශබ්ද විද්‍යාඥයෙක් නෙවෙයිනේ.”

ඒ පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ අදහස්.

ඒ වගේම හැම දෙනාම කතා කරන රුවන්වැලි මහා සෑයේ විශ්ව ශක්තිය ගැනත් උන්වහන්සේ කරුණු පැහැදිලි කර දුන්නා.

“තමන්ගේ ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට මානසික පිළිතුරක් මෙතැනදි ලැබෙන හින්දා තමයි දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙතැනට එන්නේ. වසර ගණනාවක් මුළුල්ලේ ඒ අය ප්‍රායෝගිකව ඒක අත් විඳිනවා. ඒ වගේ සුවිශේෂී ශක්තියක් රුවන්වැලි මහා සෑයට තියෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ ඒක දැනෙන්න නම් බොහොම භක්තිමත්ව මෙතැනට එන්න ඕනෑ.”

රුවන්වැලි සෑයේ ලොකු හාමුදුරුවෝ අදහස් ප්‍රකාශ කළේ එහෙමයි.

වසර ගණනාවක් පුරා රුවන්වැලි මහා සෑයේ වැඩ හිඳින හේමරතන නා හිමියන් ප්‍රකාශ කරන දේවල් අපට ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ. තමන්ගේ දෑසින් දැකලා ප්‍රත්‍යක්ෂ කර ගත්ත දේවල් තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒ දේවල් හාස්කම් විදයට වරදවා වටහා ගන්න එපා කියන ඉල්ලීමත් උන්වහන්සේ කරනවා. ඒ වගේම එහි සිදු වන ඇතැම් අද්භූත දේවල් අපට වටහා ගන්න බැහැයි කියන එකත් උන්වහන්සේ නිතරම කියන දෙයක්.
රුවන්වැලි සෑය සම්බන්ධ මෙවැනි අද්භූත සිදුවීම් රාශියක් ඈත අතීතයේ පටන් ලියැවිලා තියෙන බව අපි මුලින් කිව්වනේ. අගනුවර විදියට අනුරාධපුරය භාවිතා වූ යුගයේදී පමණක් නෙවෙයි ඉන් අනතුරුව යටත් විජිත යුගයේදීත් එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.

රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් එක්ක වල් බිහිවූ අනුරාධපුරය නැවත සොයා ගත්තේ ඉංග්‍රීසීන්. එම යුගයේදී වන වාසීව වැඩ විසූ නාරංවිට ස්වාමීන් වහන්සේ තමයි ගරා වැටී තිබූ රුවන්වැලි මහා සෑය හඳුනා ගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේ උන්වහන්සේට දැක ගන්න ලැබිලා තියෙන්නේ පස් ගොඩක් විතරයි. මේ ඓතිහාසික රුවන්වැලි මහා සෑය නැවත ගොඩ නඟන ආකාරය කල්පනා කරමින් ඉඳිද්දි, සෑ මළුවේ යම් තැනක තිබී චෛත්‍යයේ සැලැස්ම හමු වූ බව අනුරාධපුරයේ පැරුන්නන් අදටත් සිහිපත් කරනවා.

ඒ වගේම නාරංවිට හිමියන්ගේ මූලිකත්වයෙන් රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කරද්දී, ඒ තුළින් මහා බෙර හඬ සහ හොරණෑ ශබ්ද ඇසුණු හැටි තම මුතුන් මිත්තන් පැවසූ ආකාරය ඒ ජනතාවගේ හිත් තුළ ගෞරවනීය මතකයක් විදියට තැන්පත් වෙලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් වැඩිම ප්‍රමාණයක් වැඩ වාසය කරන පූජනීය ස්ථානය ලෙස රුවන්වැලි මහා සෑය සැලකෙනවා. රුවන්වැලි සෑය වන්දනා කර ගැනීම බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්දනා කර ගැනීමක් හා සමාන ලෙසට බෞද්ධ ජනතාව සලකන්නේ ඒ නිසයි. ඒ හින්දා එවැනි උතුම් පුණ්‍ය භූමියක මෙවැනි ආකාරයේ විස්මයජනක බොහෝ දේ සිද්ධ වෙන එක පුදුමයක් නෙවෙයි. හැබැයි රුවන්වැලි මහා සෑයේ නායක හිමියන් පවසන විදියටම ඒ දේවල් අත් විඳින්න හැකි වන්නේ බොහොම බැතිමත්ව ඒ වන්දනාව සිදු කරන අයට විතරමයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපති වෘත්තීය සමිති ගෙන්වයි: රට හදන්න උදව් ඉල්ලයි

Next Post

ජනපති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.