• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැළෑ කපා වනසනවා මේ ගොයිය‌ෝ… බලාගන්න වනයට අධිපති දෙයියෝ…

February 23, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
කැළෑ කපා වනසනවා මේ ගොයිය‌ෝ… බලාගන්න වනයට අධිපති දෙයියෝ…
Share on WhatsAppShare on Facebook

වර්තමාන රජයට එල්ල වන චෝදනා අතර ඉදිරියේම ඇත්තේ පරිසරය විනාශය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවය. පරිසරවේදීන් පවසන්නේ ඉතාම කෙටි කාලයකදී මේ තරම් පරිසර විනාශයක් සිදු කළ රජයක් මෑත ඉතිහාසයේදී මෙරට පහළ නොවූ බවය. වර්තමාන රජයට සම්බන්ධ දේශපාලනඥයන්ගේ අනුදැනුම සහිතව සිදු වූ බවට කෙළින්ම චෝදනා එල්ල වූ එවැනි අවස්ථා ගණනාවක් පසුගිය මාස කිහිපය තුළදී වාර්තා විය. රාජ්‍ය ඇමැතිවරයෙකුගේ සොහොයුරෙකු විසින් ආනවිලුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරීමේ සිට තවත් සිදුවීම් ගණනාවක් ඒ අතර ඇත. දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සිදුකර ඇති පරිසර විනාශයන්ට අමතරව රජය ගන්නා ලද ඇතැම් තීරණ හරහාද පරිසර විනාශයට ඉඩ සැලසී ඇති බව පරිසරවේදීන්ගේ අදහස වී ඇත. ඒ අතරින් එක් තීරණයක් වන්නේ වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කර වැලි, පස් සහ ගල් කැණීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ ගැනීම අවලංගු කිරීමය. නමුත් අධිකරණ නියෝගයක් හේතුවෙන් පසුව එම තීරණය වෙනස් කිරීමට සිදු විය.

එමෙන්ම 5/2001 චක්‍රලේඛය අහෝසි කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බලය නැවත දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතට පත් කිරීම හරහාද දැඩි පරිසර විනාශයකට මඟ පෑදී ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

ඊට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන “ගම සමඟ පිළිසඳර” වැඩසටහන හරහාද පරිසරය විනාශ කිරීම සඳහා අනුබල ලබා දෙන බවට දැඩි චෝදනාවක් එල්ල වේ. හම්බේගමුවේදී පැවැති ගම සමඟ පිළිසඳරේදී දහයියාගල අභයභූමියේ ඉඩම් වගාකිරීම සඳහා යොදා ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කිරීම ඊට ආසන්නතම උදාහරණය ලෙස පරිසරවේදීන් පෙන්වා දේ. එම අවසරය මත උඩවලව, ලුණුගම්වෙහෙර සහ යාල අතර අලි ඇතුන් සංක්‍රමණය වන ප්‍රධාන අලි මංකඩක් වන දහයියාගල අභය භූමියේ විශාල පාරිසරික විනාශයක් මේ වන විට සිදුවෙමින් ඇත.

“ගම සමඟ පිළිසඳර” වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන නිසාම අවසන් වරට පැවැති වැඩසටහන් දෙකේදීම පරිසරය සම්බන්ධ ඉල්ලීම් සඳහා වෙනදා මෙන් සෘජුව විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීමද විශේෂත්වයක් විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාහියන්ගල ආනන්දසාගර හිමියන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ දිනයේ සිට මේ දක්වා පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන 264ක් පමණ විනාශ කර ඇති බවය. එමෙන්ම 5/2001 චක්‍රලේඛය අහෝසි කර ගැනීම හරහා හෙක්ටයාර් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් බරපතළ අර්බුදයකට ලක් වී ඇති බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.

“මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ රක්ෂිත, යෝජිත රක්ෂිත සහ අභය භූමි ප්‍රදේශවලට අයත් ස්ථාන 264කට ආසන්න ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඒ වගේම 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීම හරහා හෙක්ටයාර් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් බරපතළ අර්බුදයකට ලක් වෙලා තියෙනවා.

අපි මේ ගැන මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරුවා. ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරන එකත් සිදු කළා. ඒත් අපි කියන්නේ බොරු, මෙහෙම විනාශයක් සිදු වෙන්නේ නැහැ කියන එක තමයි ආණ්ඩුවේ බොහෝ දෙනාගේ අදහස වුණේ.

නමුත් පසුගිය දවසක ආරක්ෂක ලේකම්වරයාම ඒක ප්‍රසිද්ධියේ පිළිගැනීම හරහා අපි කියපු දේ ඇත්ත කියන එක ඔප්පු වෙලා තියෙනවා.

අපි මේ විනාශය රැක ගන්න තව දුරටත් කටයුතු කරනවා. මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනවා. ඉදිරියේදී උද්ඝෝෂණ ව්‍යාපාර හරහා තවත් බලපෑම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

ආනන්ද සාගර හිමියන් අදහස් දැක්වූයේ එලෙසිනි.

රජයක වගකීම විය යුත්තේ ඉදිරි පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමය. එය විනාශ කරන්නන්ට දඬුවම් ලබා දීමය. නමුත් දඬුවම් දීම පසෙකලා එවැනි විනාශකාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය සැබවින්ම රටේ අවාසනාවය.

මෙතැන් පටන් පළ වන්නේ වර්තමාන රජය බලයට පත් වූ දින සිට මේ දක්වා පරිසර විනාශයන් වාර්තා වූ ස්ථානයන්හි නාමාවලියය. මීටත් වඩා මේ ලැයිස්තුව දිගු විය යුතු බවද සඳහන් කළ යුතුය.
– 2019-12-06 කිතුල්ගල- ක්ෂුද්‍ර ජල විදුලි බල ව්‍යාපෘතිය.
– 2020-01-02- මුතුරාජවෙල අභය භූමියේ අනවසරයෙන් කැළි කසළ බැහැර කිරීම.
– 2020-01-19- ව්‍යාපාරිකයෙකු විසින් වලංකන්ද ප්‍රදේශය අනවසරයෙන් එළි කිරීම.
– 2020-01-28- අනවසර පදිංචිකරුවන් සඳහා මීතිරිගල රක්ෂිතයේ අක්කර 170ක් ලබා දීමට ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කිරීම.
– 2020-02-05- දේශපාලන බලය භාවිතා කරමින් පිදුරුතලාගල රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-02-11- ඔරුගල්යාය රක්ෂිතයේ කොටසක් අනවසරයෙන් එළි කිරීම.
– 2020-02-12- මීගමුව කලපුවේ තල්ලඩිතෝට්ටම් දූපතේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අවසර ලබා දීමට යෝජනා කිරීම.
– 2020-03-01- විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තරයක් වන රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කොටසක් කෝමාරිකා වගා කිරීම සඳහා එළි කිරීම.
– 2020-03- හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ කොටසක් අනවසරයෙන් එළි කිරීම.
– 2020-04-04- මන්දාරම් නුවර ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක් අනවසරයෙන් එළි කිරීම.
– 2020-04-09- ත්‍රිකුණාමලය බඹරගස්වැව සහ සම්බල්තිව් ප්‍රදේශවල අනවසරයෙන් වනාන්තර එළි කිරීම.
– 2020-04-18- පුල්මුඩේ ආලන්කුලම් ප්‍රදේශයේ අනවසරයෙන් වනාන්තර එළි කිරීම.
– 2020-05-07- වැලිකන්ද දිවුලාන ප්‍රදේශයේ අනවසරයෙන් වනාන්තර එළි කිරීම.
– 2020-05- නකල්ස් වන රක්ෂිතයට අයත් භූමිය මාර්ග සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට යෝජනා වීම.
– 2020-06-04- කලා වැව රක්ෂිතයේ අලිමංකඩ ප්‍රදේශයක් අඹ වගාව සඳහා ලබා දීම.
– 2020-06-05-වෙඩිතලතිව් රක්ෂිතයේ කොටසක් ඉස්සන් වගාව සඳහා ලබා දීම.
– 2020-07-07- යෝජිත අලි කළමණාකරණ ප්‍රදේශයට අයත් හම්බන්තොට වන්දම රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-08-15- නෙළුව ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම.
– 2020-08-23- නිසි පරිසර ඇගයීමකින් තොරව ගොන්ගල ප්‍රදේශයේ මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම.
– 2020-08-26- ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා යොදා ගැනීමට විනාශ කිරීම.
– 2020-08-30- හන්තාන රක්ෂිතයට අයත් අක්කර 8ක ප්‍රදේශයක් එළි කිරීම.
– 2020-09-02- ආඬිගම රක්ෂිතයේ කොටසක් පොල් වගාව සඳහා යොදා ගැනීම.
– 2020-09-03- කල්පිටිය පල්ලිවස්තුපුර ප්‍රදේශයේ කොටසක් ඉස්සන් වගාවට යොදා ගැනීම සඳහා සකස් කිරීම.
– 2020-09-06- වනාතවිල්ලුව එළුවන්කුලම රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-09-07- රන්දෙණිගල වෙලාන් රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-09-08- තිස්සමහාරාම කිරින්ද අභය භූමියේ කොටසක් එළි කිරීම.
– 2020-09-09- හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-09-14- ආඬියාගලහින්න රක්ෂිතයේ කොටසක් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-09-14- උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් පරිවාර වනාන්තර කොටසක් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-09-14- හොරොව්පතාන රත්මලේ ප්‍රදේශයේ භූමියක් අනවසරයෙන් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-09-15- වැලිකන්ද රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-09-16- මහදිවුල්වැව රක්ෂිත ප්‍රදේශයේ කොටසක් අනවසරයෙන් එළි කිරීම.
– 2020-09-18- මොරවැව පැනිකැටවැව ප්‍රදේශයේ භූමියක් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-10-15- වව්නියාව මාමඩුව කන්ද රක්ෂිතයේ කොටසක් වගා කටයුතු සඳහා එළි කිරීම.
– 2020-10-20- ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පින්කට්ටිය ප්‍රදෙශයේ අක්කර එකහමාරක් එළි කිරීම.
– 2020-10-28- මාකලන්ද රක්ෂිතයේ අක්කර 628ක් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා යෝජනා කිරීම.
– 2020-10-29- ගල්ඔය රක්ෂිතයේ කොටසක් එළි කිරීම.
– 2020-10-29- කහටගස්දිගිලිය හුරුළුවැව රක්ෂිතයේ අක්කර 185ක් විනාශ කිරීම.
– 2020-11-03- රූමස්සල රක්ෂිතයට අයත් කඩොලාන භූමියක් හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම.
– 2020-11-06- ලාහුගල ජාතික වනෝද්‍යාන සීමාවේ අක්කර 10ක් අනවසරයෙන් එළි කිරීම.
– 2020-11-08 බිබිල මැදගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් නිල්ගල රක්ෂිතයට අයත් අක්කර 20ක් බඩඉරිඟු වගාව සඳහා යොදා ගැනීම.
– 2020-11-08 පුත්තලම දිස්ත්‍රික්කයේ සෙල්ලකන්ද රක්ෂිතයේ කොටසක් එළි කිරීමට උත්සාහ කිරීම.
– 2020-11-17- ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති පැරැණි යක්කුරේ මාර්ගය විවෘත කිරීමට තීරණය කිරීම සහ වනෝද්‍යානයට හරකුන් ඇතුළු කිරීමට අවසර ලබා දීම.
– 2020-11-17- අම්පාර මහ ඔය ප්‍රදේශයේ අක්කර 25ක ප්‍රදේශයක් විනාශ කිරීම.
– 2020-11-18- මුලතිව් නාගන්සෝලි රක්ෂිතයේ අක්කර 200ක් පමණ අනවසරයෙන් එළි කිරීම.
– 2020-12-21- හඳපාන් ඇල්ල වලන්කන්ද ප්‍රදේශයේ අලිමංකඩක් පෞද්ගලික සමාගමක් විසින් අත්පත් කරගෙන එළි කිරීම.
– 2020-11-29- කටු පොල් වගාව තහනම් කර තිබියදීත්, ගාල්ල තල්ගස්වල ප්‍රදේශයේ කටුපොල් වගා කිරීම සඳහා පුද්ගලික සමාගමක් කටයුතු කිරීම.
– 2021-01-02- සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ වසර 100කට වඩා පැරැණි දැවැන්ත ගස් කපා දැමීම.
– 2021-01-11- වැලිගම පොල්අතුමෝදර තෙත් බිම් රක්ෂිතය එළි කිරීම.
– 2021-01-19- කලාවැව බළලු වැව පෝෂක ප්‍රදේශයේ කොටසක් එළි කිරීම.
– 2021-01-31- ගම සමඟ පිළිසඳර වැඩසටහින් පසුව දහයියාගල රක්ෂිතයේ ඉඩම් බලෙන් අත්පත් කර ගනිමින් එළි කිරීම.

මේ දවස්වල වන විනාශය උපරිමයෙන් වෙනවා- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

පසුගියදා රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පරිසර විනාශය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. එහිදී පරිසර විනාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වූයේ මෙසේය.
“දැන් මේ කාලයේ ස්වභාවික විනාශය උපරිමයෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වන විනාශය සහ පරිසර විනාශය සිද්ධ වෙනවා. ආරක්ෂක කවුන්සිලයේදීත් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මෙතැනදි රජයේ ඇතැම් නිලධාරිනුත් මේ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට දැන ගන්න ලැබෙනවා. අමු අමුවේ කැලෑ එළි කරන අයව හමුදාවෙන් හරි පොලිසියෙන් හරි ගිහින් අල්ල ගත්තම ඒ අයට බලපත්‍ර තියෙනවා කියනවා. කොහොමද එහෙම බලපත්‍ර දෙන්නේ කියලා මටත් හිතා ගන්න අමාරුයි. ඒක වැරැදි ක්‍රමවේදයකට යන්නේ. මෙතැන යම්කිසි වැරැද්දක් තියෙනවා කියලා අපි ජනාධිපතිතුමාවත් දැනුවත් කළා. මෙතැනදි වනජීවී අමාත්‍යාංශයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අසරණ වෙලා තියෙනවා. මොකද එක අතකින් ඒ අයට ලැබිලා තියෙන බලය මදියි. නිලධාරීන් අයථා විදියට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව ත්‍රිකුණාමලය පැත්තේ අපිත් එක්කත් ළඟින් කටයුතු කරන ස්වාමීන් වහන්සේනමක් ගිහිල්ලා කැලෑ එළි කරනවා. ඒක වහාම පාලනය කරන්න කියලා මම ආණ්ඩුකාරතුමියට කිව්වා.
එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒ බලය අරගෙන වැරැදි කරන්න හදනවා නම් ඒ වැඩවලට ඉඩ දෙන්න එපා. කොහේ හරි කැලේ කපනවා නම් පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමන්ලා වහාම ඒක නවත්වන්න පියවර ගන්න. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ විදියේ බලපත්‍ර නිකුත් කරලා තියෙන බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි.”

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රන්ජන් අනතුරේ: සජිත් සටනේ: කතානායක අමාරුවේ (VIDEO)

Next Post

ජනපති වෘත්තීය සමිති ගෙන්වයි: රට හදන්න උදව් ඉල්ලයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.