ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීමට මහනුවරට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ දළදා මාලිගාවට ගොස් තිබිණ.
දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කථා බහක නිරත විය










