මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට කරන ඉල්ලීම සහ අධිකරණ නියෝගවලට පිටුපා දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මහවිරු සැමරුම් කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් දැඩි විවේචනයක් සිදු කරනු ලැබීය.
කොළඹදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ අධිකරණ තීන්දුව කඩ කොට මහවිරු සැමරුම් සිදූකළ සුමන්තිරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු බවකි.
උතුරට එක නීතියකුත්, දකුණට තවත් නීතියකුත් තිබිය නොහැකි බව පෙන්වා දුන් උන්වහන්සේ ආණ්ඩුව සිංහල ජනතාවට සිංහ නාද පෑවත් උතුරු නැගෙනහිර ජනතාව ඉදිරියේ බලු කෙදිරි නගන බවද කියා සිටියහ.
එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා වන අලි සබ්‍රි මහතා තමන්ගේ හිතවතකු වුවද ඔහු ඕනවට වැඩි බව කී උන්වහන්සේ මේ ආණ්ඩුව සබ්‍රි විසින් තනිවම විනාශ කරන බවද කීහ.
කොරෝනා සිරුරු සම්බන්ධයෙන් පවතින නීතිවලට අනුව කටයුතු කළ යුතු බවත්, අලි සබ්‍රිගේ හෝ වෙනත් කිසිදු කණ්ඩායමක වුවමනාවන් අනුව තීන්දු තීරණ ගත යුතු නැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.










