ජනාධිපතිවරයා හා කාදිනල් හිමිපාණන් අතර අද (10) අගරදගුරු නිවෙසේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවසන් මොහොතේ අවලංගු වී ඇති බව දැනගන්නට ඇත.
අද පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුවට කාදිනල් හිමිපාණන් විසින් සියලුම බිෂොප්වරුන්ට අමතරව කටුවාපිටිය සහ කොච්චිකඩේ දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුලේ ඥාතීන්ටද පැමිණෙන ලෙසට ආරාධනා කර තිබේ.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කාදිනල් හිමිපාණන්ට ඇමතුමක් දී සාකච්ජාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන් කොට තිබේ.
නමුත් කාදිනල් හිමිපාණන් ඊට එකගතාව පළ කොට නැත.
ඒ අනුව සාකච්ජාව පැවැත්වීමද අවලංගු වී ඇති බව දැනගන්නට තිබේ.










