• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති අලුත් කාර් එකකට නගියි!

February 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනපති අලුත් කාර් එකකට නගියි!
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බදු පැනවීම් සිදු කළේ රටේ ජනතාව මුහුණ දී ඇති අසීරුතාව නොදැන නොවන අතර රටේ ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ නමුත් නුදුරේදීම ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය අද (10) කොළඹ සිටි සෙන්ටර් හිදී මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් මොහොතක නවතම වාහනයක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් තහවුරු වන බව ජනාධිපතිවරයා පැවසීය.

Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්.1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා.

මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.
දකුණු කොරියාව සහ ලංකාව අතර පවතින සහයෝගීතාවය වගේම කොරියාවෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ලැබෙන නිසා මෙය අනෙකුත් ආයෝජකයින්ගේ පැමිණීමටත් හොඳ ආරම්භයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා..
අද විශේෂයෙන්ම Hyundai Grand i10 වාහනය ශ්‍රී ලංකාවේදී මේ අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ අපේ රට පිළිබඳ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනුයි.
අපේ රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක මෙවන් වාහනයක් හඳුන්වා ‍දීමට කටයුතු කළ අබාන්ස් හා හුන්ඩායි සමාගම්වලටත් පෙස්ටන්ජී මැතිණියටත් මගේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුයි.
මේ වාහනය හඳුන්වාදීම සිදු වන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩ නැ‍ඟෙනවා කියන විශ්වාසය ඇතුවයි. ඒ තැබූ විශ්වාසය පිළිබඳව නැවතත් මම ඒ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.
පසුගිය වසරේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ පසුබිමක අපි 2023 වසර ආරම්භ කළේ ඉතා අසීරු අදියරකින්. නමුත් මේ වන විට ක්‍රමාණුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ අනුව ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ අයුරින්ම අපි තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා තිබෙනවා.
මෙවර මහ කන්නයේදී අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් මිලියන 20ක වී මිළ දී ගෙන අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට අපි කටයුතු කරනවා.
රටේ ආර්ථිකය ගොඩනැංවීමට අපි මෙවන් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඒ වගේම අයි. එම්. එ‍‍ෆ් සංවිධානය සමඟ එකඟත්වයකට පැමිණිමට හැකි වී තිබෙනවා. පැරිස් සමාජය, ඉන්දියාව, චීනය සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඔවුන් අතර ඇති වෙනස් ක්‍රමවේද විසඳ ගැනීමට අප කටයුතු කරනවා.
ඒ අනුව තව මාස කිහිපයක් ගත වන විට මීට වඩා ආර්ථික දියුණුවක් සිදුවෙලා එළැඹෙන වසර වන විට යළිත් වාහන මිළ දී ගත හැකි පාරිභෝගිකයන් පිරිසක් රටේ සිටිනු ඇති බවට කිසිඳු සැකයක් නෑ.
අලෙවියක් නැත්නම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නෑ. ආර්ථිකය කඩා වැටී ඇති බව හිතනවා නම් අළෙවියක් තිබෙන බව හිතන්නේ නෑ. එසේ නම් අපේ ආර්ථිකය ගොඩනැ‍ඟෙමින් ඇති නිසා තමයි මෙවන් ආයෝජන සිදු වන්නේ.

ආර්ථකය ගොඩනඟමින් ඉදිරියට යන මෙම ක්‍රියාදාමය තුළ අපට විවිධ තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ අතරින් සමහර තීරණ ඉතා අපහසුවෙන් ගැනීමට සිදු වෙනවා. ඒ තීරණ ජනප්‍රිය නොවන තීරණ වෙන්න පුළුවන්.
ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව මම දන්නවා. ඒ වගේම බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව මම දන්නවා. සමහරුන්ගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක්. මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයයි. අප රට ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් අපි මේ මේ තීරණ ගත්තේ නැත්නම් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැහැ.
එමෙන්ම ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට අපේ සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා. අපිට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන්. ඒත් ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ.
සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි.
විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් වෙළෙඳපොල ලබා ගත හැකි බවත් ඉතිරි කරන මුදල්වලින් සෞඛ්‍ය සේවය දියුණු කළ හැකි බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. සෞඛ්‍ය සේවයට මුදල් තිබුණේ නෑ. තිබෙන වෙළෙඳපොල තවත් අඩු වුණා.
ඉන්පසු පත් වූ ලිස් ට්‍රස් අගමැතිනිය බදු අඩු කිරීමට කටයුතු කළා. ඊට දින දෙකක් ගත වෙන්නත් පෙර එංගලන්තයේ පවුමක අගය කඩා වැටුණා. සමහර විට රුපියල කඩා වැටුණට වැඩිය වේගයෙන් පවුම කඩා වැටුණා. එතුමිය අගමැති තනතුරින් ඉවත් වෙලා දැන් යළිත් නව අගමැතිවරයෙක් පත්වී සිටිනවා. වර්තමාන අගමැතිවරයා රට වෙනුවෙන් හොඳ තීරණ ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
අපේ රටේ අනාගතය වෙනුවෙනුත්, තරුණ තරුණියන්ට හොඳ රටක් ගොඩනඟාදීම වෙනුවෙනුත් අපට මේ තීරණ ගැනීමට සිදුව තිබෙනවා. වැඩි කාලයක් ගතවීමට පෙර මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-10

SendShareShare
Previous Post

සෞඛ්‍ය ඇමැතිට වැදුණු ලෝකෙටම රිදුණු ඉන්දියන් වෙඩි උණ්ඩය…

Next Post

ආණ්ඩුවේ සල්ලි නැති කතාවට අපි ඉඩ දුන්නා නම් ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණයත් නෑ! අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම තියන්න ඉඩ දුන්නේ නෑ! VIDEO

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.