ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (12) පෙරවරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
පැය එකහමාරක් පුරා පැවැත්වී ඇති මෙම සාකච්ජාවට වෙනත් කිසිදු පුද්ගලයෙකු සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවේදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ජා වුණාද, එසේත් නැතිනම් ආණ්ඩුව ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබද සාකච්ජා වුණාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.










