ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් බෝම්බ පිපිරුමක් සිදුකිරීමේ සැලසුමක් පිළිබද සැකයක් ඇති බව කියමින් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමටත්, පොලිස්පතිවරයාටත් ලිපි යොමු කර ඇත.
සිය ලිපිය මගින් වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා කිසිවකු විසින් එම තොරතුර තමන්ට දැනුම් දී ඇති බවකි.
එම අනතුරු ඇගවීමේ පණිවුඩයද සිය ලිපියට ඇතුළත් කිරීමට වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් සිය ලිපිය මගින් ඒ මහතා කියා ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් සොයා බලා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසය.