පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් අද (06) පස්වරුවේ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු දෙදෙනා මේ වනවිට කරවනැල්ල නැලිගම රෝහලට ඇතුළත් කර ඇති බවත්, මෙවර ජනාධිපතිවරණයේ සිදුවූ පළමු වෙඩි තැබීමේ සිදුවීම මෙය බවත්ය.
රාත්‍රී 8.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව එස්.බී. දිසානායක මහතාගේ රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
කෙසේවෙතත් එස්.බී. දිසානායක මහතාට ඇත්තේ මෙවැනි මැතිවරණ සමයන්හිදී විශාල වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති දේශපාලන ඉතිහාසයකි. හෙතෙම ශ්‍රී ලනිපයේ සිටියදී එජාප පාක්ෂිකයන්ටත්, එජාපයේ සිටියදී ශ්‍රීලනිප පාක්ෂිකයන්ටත් මෙසේ හිරිහැර කරනු ලැබූවකු ලෙස මහත් ප්‍රසිද්ධියක් උසුලයි.