ජනතාව මෙවර සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා යයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.
විවිධ පිරිස් විසින් බංකොලොත් කල රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට ඔසවා තබමින් සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එම කාර්යය සඳහා සහයෝගය ලබා දිය යුතු ඇති බව පැවසූ ඔහු වෙන වෙන වැඩ කළ දේවල් කර එම වැඩපිළිවෙල කඩාකප්පල් කළ හොත් එහි වගකීම ද එම කණ්ඩායම් භාර ගත යුතුව ඇති බව ද හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.