• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය කටමුල තියා සන්ධාන වැහි වහී! අලුතෙන්ම ඡන්දෙට එන්න යන කෝඩුකාරයෝ! (රාජ්‍ය රහස්) EXCLUSIVE

December 17, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඡන්ද නොතියන්න ගහන්න යන අලුත්ම ගේම!

ජනාධිපතිවරණය දිනන්න වජිර හදපු තියරිය!

පොහොට්ටුවේ ලකුණ වෙනස් වෙයිද?

ඡන්දය කල්දාන්න ආණ්ඩුව කරපු දේවල්!

‘ආණ්ඩුව ඡන්දෙට අරන් යනවා කියන්නේ හරියට පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ…’

මේ පසුගිය කාලයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ආණ්ඩුවේ ඇති ඡන්ද කල්දැමීමේ සැලසුම පිළිබඳ ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකට පැමිණ කී කතාවකි. මෙම විපක්ෂ මන්ත්‍රීවරයා එසේ කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව මුල සිටම පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට විවිධ උපාය, උපක්‍රම, උප්පරවැට්ටි ක්‍රියාවේ යෙදවූ නිසාය. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර 8,000 ඉක්මවා සිටින බවත්, එය 4,000 දක්වා අඩුකළ යුතු බවත් ප්‍රකාශ කිරීමය. දෙවැන්න වූයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සතු බලය කණ්ඩායමකට විමධ්‍යගත කළ යුතු බවට ප්‍රකාශ කිරීමය. තුන්වැන්න වූයේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුතුව සීමා නිර්ණය කිරීම සඳහා නව කමිටුවක් පත්කිරීමය. සිවුවැන්න වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යළිත් ගම්සභා ක්‍රමය කරළියට ගෙන ඒමය. ඒ සම්බන්ධයෙන් කරු සහ සිවිල් ක්‍රියාකාරයකු වන වික්ටර් අයිවන් කැබිනට් මණ්ඩලයට පවා පැමිණ කැබිනට ඇමැතිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්හ. නමුත් මේ සියල්ල පිළිබඳ විපක්ෂය වරින් වර ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඒ හරහා ඡන්දය කල්දමන වැඩේ තරමක් අපහසු බව ආණ්ඩුවට දැකගන්නට ලැබිණි.

කැබිනට්ටුවෙන් සම්මත කළ යෝජනාව!

ඒ අනුව ආණ්ඩුව තවත් අලුත් සැලසුම් කිහිපයක්ම මීට සති කිහිපයකට ඉහතදී ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය 25%ක් විය යුතු බවටත්, වියදම් නියාමනය කළ යුතු බවටත් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට වැඩි සද්ද බද්දයකින් තොරවම සම්මත කරගැනීමට පියවර ගැනීමය. දෙවැනි සැලැසුම වී තිබුණේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවට කඩිනමින් නියෝජිතයන් පත්කර අවසන් කොට ඒ හරහා මැතිවරණ කොමිසම ඇතුලු අනෙකුත් කොමිසම්වලට තමන්ට හිතවත් නියෝජිතයන් පත්කර මැතිවරණ කල්දැමීමට සැලසුම් කිරීමය.

සජිත්ට ආපු සැකය!

මෙම දෙවැනි සැලසුමට අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී සිටියේ දෙසැම්බර් 13 වැනි දිනට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා අවසන් කළ යුතු බවත්, දැනට එහි හිස්ව පවතින ස්වාධීන නියෝජිතයන් තිදෙනා හැකි ඉක්මනින් පත්කළ යුතු බවත්ය. සුසිල් මෙම කරුණු දිගින් දිගටම මතුකිරීම හේතුවෙන් ඒ පිළිබඳ සැක සිතූ සජිත් කියා සිටියේ දැනටමත් ඒ සඳහා සිවිල් පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවත්, ස්වාධීන නියෝජිතයන් තිදෙනකු ඒ හරහා පත්කරගැනීමට කටයුතු කළ යුතු බවත්ය. ඊට මද කාලයක් අවශ්‍ය බවද සජිත් එහිදී කියා සිටියේය. නමුත් ආණ්ඩුවේ බලපෑම හමුවේ මෙහි යම් සැඟවුණු සැලැස්මක් ඇති බවට වූ කුකුසක් සජිත්ට මතුව තිබිණි.

ඡන්ද තියනකන් නියෝජිතයන් නෑ!

මෙම තත්ත්වය යටතේ සජබ ජ්‍යෙෂ්ඨයන්ද මුණගැසී ආණ්ඩුවේ මේ හදිසිය පිළිබඳ සාකච්ඡා කිරීමට සජිත් පියවර ගත්තේය. එහිදී සියලූ දෙනාම පාහේ සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ හරහා පළාත් පාලන ඡන්දය කල්දැමීමේ උත්සාහයක් දියත් කරමින් සිටින බවත්, ඊට එරෙහිව වහාම පියවර ගත යුතු බවත්ය. එමෙන්ම සජබ මන්ත්‍රීවරුන් වූ ලක්ෂ්මන් කිරිඇල්ල, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල්, එස්.එම්. මරික්කාර් වැනි මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ආණ්ඩුවේ සැලසුම රටට හෙළිකිරීමටද පියවර ගත්හ. එහිදී මරික්කාර් කියා සිටියේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ පවත්වන තෙක් විපක්ෂ නායකවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් පුරවැසියන් පත්කිරීම නොකරනු ඇති බවය. මෙම පසුබිම යටතේ ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කල්දැමීමේ ආණ්ඩුවේ සැලසුම අතේ පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

පුංචිහේවා පාට වෙනස් කරන හැටි!

මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුය. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා යනු රාජපක්ෂවරුන්ට අතිශය සමීප අයකු බව අප මෙම තීරයේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම සඳහන් කර සිටියෙමු. වරක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද මේ බව පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් සජබයත්, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂත් පසුගිය කාලයේදී වරින් වර මැතිවරණ කොමිසමේ නියෝජිතයන් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී කොමිසම පෙන්වා දී තිබුණේ නියමිත කාලයට මැතිවරණය පවත්වන බවත්, 2023 ඡන්ද නාමලේඛනය සකස් කොට අවසන් වූ වහා එම කටයුතු ආරම්භ කරන බවත්ය. නමුත් පහුවන විට කොමිසම හිටිහැටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැට උඩ සිට කතා කරද්දී සජිත් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක්ම ගොස් ඒ පිළිබඳ කොමිසම සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී කොමිසම කියා සිටියේ මේ වන විට සියලු කටයුතු අවසන් අදියරේ පවතින බවත්, දෙසැම්බර් 9-10 වන විට මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බවත්ය. ඒ අනුව සජිත් එළියට පැමිණ කොමිසම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින් දෙසැම්බර් 9 හෝ 10 වනවිට මැතිවරණය කැඳවීමට කොමිසම කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි.

කොමිසමේ නිලධාරීන්ට කේන්ති යයි!

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ සභාපති පුංචිහේවා වැට උඩ සිටින ආකාරයක් පසුගිය සතිය වන විටද දැනගන්නට ලැබිණි. එය තහවුරු වූයේ පළාත් පාලන මැතිවරණයේ වැඩකටයුතු ආරම්භ කරන ලෙසට කොමිසමේ නියෝජිතයන්ට දැනුම් දී එදිනම සවස් වරුවේ එම වැඩකටයුතු නවත්වන ලෙසට සභාපති පුංචිහේවා කළ දැනුම්දීමකි. නමුත් මීට විරෝධය පළකළ කොමිසමේ සෙසු නිලධාරීන් එවැන්නක් කළ නොහැකි බවත්, කොමිසම ඇත්තේ ඡන්ද පැවැත්වීමට මිස ඡන්ද කල්දැමීමට නොවන බවත් පුංචිහේවාගේ මුහුණටම කියා තිබූ බවක්ද අප පසුගිය සතියේ වාර්තා කළෙමු. ඒ අනුව අවසානයේදී මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතාගේ අස්සනින් යුතුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නිවේදනය දෙසැම්බර් අවසන් සතිය වන විට ප්‍රකාශයට පත්කරන බවට වූ නිවේදනය නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

සර්ව පාක්ෂික සමුලු ගැටය!

මෙවැනි පසුබිමක් යටතේ මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීම සඳහා ආණ්ඩුව සැලසුම් කළ අවසන් තුරුම්පු දෙක වූයේ පළාත් පාලන මැතිවරණයේදී තරුණ නියෝජනය 25%ක් කිරීම සහ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා තේරීම් කාරකසභාවක් පත්කර ගැනීමය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම තේරීම් කාරකසභාව පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය. අනෙක් තුරුම්පුව වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමය. මෙහි යටි අරමුණද වූයේ ලබන නිදහස් දිනයට පෙර උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බව පෙන්වමින් ඒ හරහා කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සඳහා අවශ්‍ය කාලවේලාව ලබාගැනීමය. නමුත් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳ ඉවකින් යුතුව සිටින විපක්ෂය පසුගිය සතියේ තීන්දු කළේ ජනාධිපතිවරයා කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමටත්, පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව ඒකාබද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්ය.

විපක්ෂයම එකට එකතු වෙයි!

ඒ අනුව පසුගිය සතිය පුරාම පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එහි පළමු සාකච්ඡාව පැවැත්වුණේ සජබ සහ ඩලස් පිල අතරය. එම සාකච්ඡාවට ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර සජබ පාර්ශ්වය නියෝජනය කරමින්ද, ජී.එල්. සහ ඩලස් අනෙක් පාර්ශ්වය නියෝජනය කරමින්ද සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී දෙපාර්ශ්වයම තීන්දු කළේ ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා ගන්නා අවසන් උත්සාහයද ව්‍යර්ථ කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවකි. ඒ සඳහා අනෙකුත් දේශපාලන බලවේගද එක් කරගත යුතු බවටද එහිදී තීරණය විය. ඒ අනුව සජබ ප්‍රධානීන් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ටත්, ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකරටත්, අනුර යාපා පිල නියෝජනය කරමින් අනුර යාපාටත් කතා කොට මෙම උත්සාහය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

ජවිපෙ විතරක් නෑ!

එහිදී ඔවුන්ද කීවේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, ආණ්ඩුවේ ඡන්ද කල් දැමීමේ වෑයම පරාජය කිරීම සඳහා තමන්ද මෙම සටනට එකතු වන බවත්ය. ඒ අනුව ඉකුත් අඟහරුවාදා දිනයේදී සජබ, ශ්‍රීලනිප, ඩලස් පිල, දෙමළ සන්ධානය, අනුර යාපා පිල ඒකාබද්ධව මැතිවරණය මුල් කරගෙන මැතිවරණ පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනතා විමුක්ති පෙරමුණ මේ කිසිදු කටයුත්තකට මැදිහත් නොවී නිහඬව සිටීමය. අවම වශයෙන් ජවිපෙ මෙම කටයුත්තේදී හෝ විපක්ෂ සමග එක්ව කටයුතු නොකළා පමණක් නොව පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබූ ඒකාබද්ධ ලිපියට පවා අස්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබීම විශේෂ සිදුවීමක් විය.

වජිරගේ ජනාධිපතිවරණ තියරිය!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවත්, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද එක්ව සිටි බවත් සඳහන් කර සිටියෙමු. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල්දැමිය යුතු බවට සාකච්ඡා වූ බවත් අපි එහිදී සඳහන් කළෙමු. කෙසේ වෙතත් මේ වන විට අපට එම සාකච්ඡාවේ සිදුවූ තවත් තොරතුරු රැසක්ම අනාවරණ වී තිබේ. එහි විශේෂම සිදුවීම වී ඇත්තේ වජිර අබේවර්ධන විසින් හදිසි ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීමත්, එය ජයගත හැකි ආකාරය පිළිබඳ ඉතා සරල ආකාරයේ න්‍යායක් ඉදිරිපත් කිරීමත්ය. ව්‍යවස්ථානුකූලව වසර හතරක් ඉක්ම යෑමෙන් පසු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට අවස්ථාව ලැබෙන බැවින් අවශ්‍ය නම් ලබන වසරේ අග භාගය වන විට හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවේ. ඒ අනුව එතෙක් කිසිදු මැතිවරණයක් නොපවත්වා කෙළින්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවටත්, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ, මුස්ලිම් ඡන්ද වික්‍රමසිංහ මහතාට පහසුවෙන් ලබාගත හැකි බවටත් වජිර මෙහිදී බැසිල්ට පැහැදිලි කර දී ඇත. එහිදී වජිර කියා ඇත්තේ ඉදිරි දින කිහිපයේදී උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ඇති බවත්, ඒ හරහා උතුරේ දෙමළ ජනතාව දිනාගැනීමේ අවස්ථාව රනිල්ට ඇති බවත්ය. එමෙන්ම නැගෙනහිර දිස්ත්‍රික්කයේ සිටින මුස්ලිම් ජනතාවට නිදහස සහ දේශපාලන අයිතිවාසිකම් ලබාදීම හරහා එම ප්‍රජාව දිනාගැනීමේ හැකියාවද වික්‍රමසිංහ මහතාට ඇති බව මෙහිදී වජිර බැසිල්ට පෙන්වා දී තිබේ. මීට අමතරව වතුකරයේ දෙමළ ජනතාවට ඇති නිවාස සහ යටිතල පහසුකම් ප්‍රශ්න විසඳීම හරහා එම ප්‍රජාව දිනාගැනීමට හැකි බවත්, එකම ගැටලුව වී ඇත්තේ සිංහල ඡන්ද ලබාගැනීම පමණක් බවත් මෙහිදී බැසිල්ට පෙන්වා දී ඇති වජිර, පොහොට්ටුව සතුව ඇති සිංහල ඡන්ද ප්‍රමාණය එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල්ට ලබාදිය හැකි නම් කිසිදු ගැටලුවකින් තොරව එජාපය සහ පොහොට්ටුව එක්ව රනිල්ව ජයග්‍රහණය කළ හැකි බව වජිර මෙහිදී බැසිල්ට පෙන්වා දී ඇත.

ප්‍රශ්න ගැන කතා කරලා නෑ!

මේ ආකාරයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි ඉතාමත්ම සරල න්‍යායක් වජිර බැසිල්ට කියා සිටියද ලබන වසර තුළ මතුවිය හැකි බරපතළ අර්බුදයන් කිසිවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා නොවීම විශේෂ සිදුවීමකි. යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල නොලැබුණහොත් හෝ එය කල්ගියහොත් එවිට රට තුළ මතුවිය හැකි තත්ත්වය පිළිබඳ හෝ ජීවන වියදම ඉහළ යෑම සහ උද්ධමනය ඉහළ යෑම හේතුකොට ගෙන ජනතාවගෙන් මතුවිය හැකි විරෝධතාව පිළිබඳ හෝ කර්මාන්ත වැසී යෑමෙන් ඇතිවිය හැකි සේවා වියුක්තිය ඉහළ යෑම හෝ රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් විකුණා දැමීමට සිදුවීම හේතුවෙන් ඇතිවිය හැකි අර්බුද පිළිබඳ හෝ ජනතාවට කෑමට යමක් සොයාගැනීමට නොහැකි වන තත්ත්වයක් තුළ මතුවිය හැකි අර්බුද පිළිබඳ හෝ මෙහිදී කිසිවක් වජිරලාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් නොවීම තුළ බැසිල්ද ඒ පිළිබඳ වැඩිදුර යමක් ප්‍රකාශ කිරීමට කටයුතු කර නැති බව දැනගන්නට ඇත.

ගමේ පොහොට්ටුවේ මතය!

කෙසේ වෙතත් වජිරලාගේ මෙම ඡන්ද දිනන න්‍යාය ඉදිරිපත් කිරීමෙන් පසු බැසිල්ද පසුගිය සතියේ සිට දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සංවිධායකවරුන් බත්තරමුල්ල පක්ෂ කාර්යාලයට කැඳවා ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදීද බැසිල් වජිර කී කරුණ පිළිබඳ හෝ තමන් විසින් මීට පෙර සිදුකරන ලද මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ හෝ කිසිවක් සඳහන් නොකොට මෙම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් විමසා ඇත්තේ ඉදිරි මැතිවරණයකදී පොහොට්ටුව සහ එජාපය එක්ව තරග කළහොත් ගම් මට්ටමින් කුමන ප්‍රතිඵලයක් ලැබිය හැකිදැයි කියාය. මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිතයන් 100%ක්ම පාහේ බැසිල්ට දැඩිව පෙන්වා දී ඇත්තේ එජාපය පොහොට්ටුව සමග එක්වනවා නම් පොහොට්ටුව ලකුණ යටතේ පමණක් ඉදිරි මැතිවරණයකදී තරග වැදිය යුතු යැයි කියාය. කිසිදු ලෙසකින්වත් අලියා ලකුණ යටතේ හෝ වෙනත් පොදු ලකුණක් යටතේ තරග නොකළ යුතු බව මෙහිදී දැඩිව බැසිල්ට පෙන්වා දුන් පළාත් පාලන නියෝජිතයන් රනිල්ට හෝ එජාපයට ගම් මට්ටමින් කිසිදු ප්‍රතිචාරයක් නැති නමුත්, තවමත් පොහොට්ටුවේ පාක්ෂිකයන් ගම්වල සිටින බවද බැසිල්ට පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාරයක් හරහා එම පොහොට්ටු සාමාජිකයන් යළි පක්ෂය වෙත ගෙන්වා ගත හැකි බව මෙහිදී බැසිල්ට පෙන්වා දුන් පළාත් පාලන නියෝජිතයන් යම් හෙයකින් පොහොට්ටුව එජාපය සමග එක්වුවහොත් ගමේ සිටින මෙම සාමාජිකයන්ගේ ඡන්දය හෝ පක්ෂයට නොලැබෙනු ඇති බව බැසිල්ට දැනුම් දී සිටියේය.

ලකුණ වෙනස් කරන්නේ නෑ!

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ඉතා සාවධානව අහුන්කන් දුන් බැසිල් අවසානයේදී කියා සිටියේ කිසි දෙයකට කලබල නොවන ලෙසත්, ඉදිරියේදීද පොහොට්ටුව තනිව මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවත්ය. මොනම තත්ත්වයක් යටතේ දී හෝ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බවට වූ අදහසක්ද එහිදී බැසිල් විසින් එම මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති බවක්ද ආරංචිය.

ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම!

මේ අතර ජනාධිපතිවරයාද තවමත් ඡන්දය කල් දමන උත්සාහය අත්හැර නොමැති බවක් පෙනී යන්නේ පසුගිය සතිය වන විටද ඒ සඳහා වූ අලුත්ම උත්සාහයන් කිහිපයක්ම දැරූ ආකාරය දක්නට ලැබීම නිසාය. මෙහිදී ජනාධිපතිවරයා දැනට පොහොට්ටුවේ පළාත් පාලන ආයතන බලය හිමි නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා පසුගිය සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම එක් සිදුවීමකි. මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්ද, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරද එක්ව සිටි අතර පිරිසේ නායකත්වය ගෙන තිබුණේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුය. ඉකුත් සමයේදී පැවැති කලබලවලදී ගිනිගත් නිවාස අතර සමන් ලාල්ගේ මොරටුව නිවෙසද විය. ඒ නිසාමදෝ මෙහිදී පළමුව සාකච්ඡාවට ගැනුණේ කලබල පැවැති දින කිහිපයේ ගිනිබත් වූ මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ නිවාස අලුත්වැඩියාව සහ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙනි. හැකි ඉක්මනින් එම වන්දි මුදල් ලබාදෙන ලෙස මෙහිදී පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්හ. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් ඇති බවකි. ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නගරාධිපතිවරුන්ගේ සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ මතය විමසා සිටීමට කටයුතු කළේ ඉන් අනතුරුවය. මෙහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය මුල් කරගෙන ගම්වල යම් අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීමට හැකි නම් එය ඉතා හොඳ යැයි කියාය.

රනිල් කියපු කතාව!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා මෙහිදී පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය ඇතුලු තවත් කරුණු කිහිපයකි.

‘අපි ඡන්දය නියමිත වෙලාවට තියන්න ඕනෙ තමයි. හැබැයි මාර්තුවලට කලින් ඡන්දය තියන්න බැරි ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. එකක් තමයි උසස් පෙළ විභාගය. ඒක ජනවාරි 28 පටන් අරන් පෙබරවාරි මැද වෙනකම් තියෙනවා. ඒ කාලෙ ඡන්දය තියන්න අමාරුයි. අනෙක ඡන්දයක් තියන්න බිලියන 20ක් විතර වියදම් වෙනවා. මේ මොහොතේ ඡන්දයක් තිබ්බොත් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නත් බැරි වෙයි. විශ්‍රාම වැටුපත් මාසයක් නවත්වන්න වෙයි…’ යනුවෙන් කියා සිටි ජනාධිපතිවරයා මැතිවරණයක් පැමිණියහොත් එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව කටයුතු කිරීමට සිදුවනු ඇති බවද පොහොට්ටුවේ නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට පෙන්වා දුන්නේය.

එකට යන්න ලෑස්ති වෙන්න!

‘කොහොම වුණත් අපිට ඉදිරියේදී ඡන්දයකට යන්න සිද්ධ වේවි. ඒ නිසා ඔය ඔක්කොමලා ගමට ගිහින් එකට එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති වෙන්න…’ යනුවෙන් ඉල්ලීමක්ද ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් සිදුකළේය.

නගරාධිපතිවරු සභාපතිවරු චූන් වෙලා!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කතා කළ ආකාරය තුළ ඔහුගේ ස්ථාවරය වී ඇත්තේද පළාත් පාල මැතිවරණය පවත්වනවාට වඩා එය කෙසේ හෝ කල්දැමීම බව පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ටද වැටහිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනවාරි මාසයේදී කොරෝනා පිට දමා වසරක කාලයකට පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කර තිබීම හේතුවෙන් මෙම පොහොට්ටු නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට සිය නිල කාලය වූ වසර 4 ඉක්මවා තවත් අතිරේක වසරක් තනතුරු දැරීමට අවස්ථාව ලැබී ඇත. එමෙන්ම නැවත වතාවක් මැතිවරණය නොපවත්වා එම කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන ආකාරයක් දැකගන්නට ලැබුණු නිසා රැස්වීම අවසන්වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එළියට පැමිණෙන විට සියලු දෙනාගේම මුහුණුවල විශාල සතුටක් මතුව තිබූ ආකාරයක් පැහැදිලිවම දැනගත හැකි විය.

අන්තිම ගේම් එක!

ඒ අනුව මෙම සිදුවීම හරහා එකක් පැහැදිලිය. ඒ මැතිවරණය කල්දැමීම සඳහා දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වීම තුළ අවසන් වශයෙන් ආර්ථික අර්බුදය සහ උසස් පෙළ විභාගය පිට දමා හෝ මැතිවරණය කල්දමාගැනීමට ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ උත්සාහයක් පවතින බවය. නමුත් එයද සාර්ථක වනු ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි. ඊට හේතුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉකුත් වසරේ අයවැය ලේඛනය හරහා දැනටමත් වෙන්කොට අවසන් බැවිනි. ඒ නිසා මුදල් නොමැති බවට කිසිවකුටත් තර්ක කළ නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. අනෙක් අතට මැතිවරණ පැවැත්වීම ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බැවින් ඒ සඳහා මූල්‍යාධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් ආයතන ගණනාවක්ම ලොව පුරා තිබේ. මේ බව වරක් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මෑතකදී සඳහන් කර සිටියේය. එම නිසා මුදල් නොමැති බව කීම සාධාරණ හේතුවක් නොවන බව බොහෝ දෙනාගේ ස්ථාවරයය. අනෙක් අතට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන කාලවකවානුවල ප්‍රධාන පෙළේ මැතිවරණ කිහිපයක්ම පැවැත්වූ ඉතිහාසයන් අපට ඇති බවද අමතක කළ යුතු නැත.

ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දෙන කරුණක් වී ඇත්තේ මේ වන විට මොනව හේතුවක් නිසාවත් මැතිවරණය කල්දැමීමේ අවස්ථාවක් ආණ්ඩුවට නොමැති බවය. එසේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් දැනට පවතින වාතාවරණය අනුව දේශපාලන පක්ෂ කුමන ආකාරයකින් මැතිවරණවලට ඉදිරිපත් වනු ඇතිද?

අලුතින් එළියට එන සන්ධාන!

2019 මහ මැතිවරණයේදී පොහොට්ටුව තුනෙන් දෙකක අතිබහුතර බලයක් සහිතව ආණ්ඩු පිහිටුවුවද මේ වන විට පොහොට්ටුව සිටින්නේ තුනට හතරට කැඩීය. ඉන් පළමුව කැඩී ගිය පිරිස වන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු පක්ෂ 10ක කණ්ඩායමය. ඔවුන් දැන් සිටින්නේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගෙනය. පොහොට්ටුව සමග එක්ව තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වන විට සිටින්නේ විපක්ෂයේ අසුන්ගෙනය. පොහොට්ටුව සමග සිටි අනුර යාපා, චන්දිම වීරක්කොඩි කණ්ඩායමද මේ වන විට ස්වාධීනව විපක්ෂයේ අසුන් ගෙන සිටිති. ඒ අනුව ඉකුත් 2018 පළාත් පාලන මැතිවරණයේදී තනිව තරග වැදී පළාත් පාලන ආයතන 190ක පමණ බලය හිමි කරගත් පොහොට්ටුවට මෙවර තරග වැදීමට සිදුව ඇත්තේ ඔවුන් සමග සන්ධානගතව සිටි ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ නොමැතිව තනිවමය. එමෙන්ම පොහොට්ටුවේ තනියට මෙවර සිටින්නේ ඉකුත් මහ මැතිවරණයේදී කිසිදු පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂය පමණි. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.

සජබෙ තනිවම එයි!

කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනිවම තරග කිරීමට සූදානමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. දැනටමත් බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති අතිශය රහසිගත මත විමසුමක ප්‍රතිඵලවලට අනුව 51%ක ඡන්ද ප්‍රතිශතයක් මෙවර මැතිවරණයෙන් සමගි ජන බලවේගය හිමිකර ගනු ඇති බවට පෙන්වා දී ඇත. අප මෙම රහස් මත විමසුමේ ප්‍රතිඵල මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.

ඩලස් පිල ශ්‍රීලනිපය එක්ක!

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට සන්ධානයක් ලෙස ඉදිරිපත් වීම සඳහා සාකච්ඡා වට ගණනාවක්ම විවිධ පාර්ශ්ව සමග පවත්වමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේදී ශ්‍රීලනිපය හා ඩලස් පිල අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබිණි. මෙහිදී දෙපාර්ශ්වයම පළාත් පාලන මැතිවරණයේදී එක් පොදු සන්ධානයකින් තරග කිරීමට කැමැත්ත පළවී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

විමල්ලාට වෙන්න යන දේ!

ඩලස් පිලට අමතරව මෙතෙක් විමල් වීරවංශ සමග සිටින වමේ දේශපාලන පක්ෂ වන කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ මහජන පක්ෂයද ශ්‍රීලනිපය සමග මෙවර පළාත් පාලන මැතිවරණයේදී සන්ධානගත වීම සඳහා සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් දැනගන්නට ඇත. එම පක්ෂවල ස්ථාවරය වී ඇත්තේ විමල් වීරවංශ පිල මේ වන විට අධි තක්සේරුවකින් සිටින බැවින් ඔවුන් සමග සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත් වීම දේශපාලන අසාර්ථකභාවයට හේතු වනු ඇතැයි කියාය. ඒ අනුව ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමල් පිලෙන් ඉවත්ව ශ්‍රීලනිපය සමග සන්ධානගත වනු ඇත. එවිට විමල් පිලේ තත්ත්වය තවත් බරපතළ වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ලන්සලාත් ශ්‍රීලනිපය එක්ක!

එමෙන්ම පොහොට්ටුවෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සමීපව සිටින කණ්ඩායමක්ද ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය සමග සන්ධානගත වීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමකි. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව තරග කරන්නේ නම් එවැනි සන්ධානයක් යටතේ තමන්ට තරග කළ නොහැකි යැයි කියාය. ඒ අනුව ලන්සා සහ නලින් ප්‍රනාන්දු ඇතුළු පොහොට්ටුවේ සිටින රාජපක්ෂ විරෝධී මැති ඇමැතිවරුන් පිරිසක්ද ශ්‍රීලනිපය සමග යළි එක්ව සන්ධානයකින් තරග වැදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. පසුගිය දිනෙකදී ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි මාසයේදී ශ්‍රීලනිප ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් එළිදකින බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළේ මෙම සියලු කාරණා මුල්කරගෙනය.

අනුර යාපලා චන්ද්‍රිකා එක්ක!

මීට අමතරව ඉදිරි මැතිවරණවලදී තවත් අලුත් පක්ෂ සහ සන්ධාන ගණනාවක්ම තරග වැදීමට සූදානමින් සිටින බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් එක් සන්ධානයක් වන්නේ අනුර යාපා ප්‍රමුඛ කණ්ඩායමය. එම පිරිස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතුව වෙනම සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

පෙරටුගාමීන් රටටම!

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වන විට මැතිවරණ ඉලක්ක කර පුළුල් සන්ධානයක් ගොඩනැංවීමේ සාකච්ඡා ආරම්භ කර තිබේ. ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තවම තීන්දුවක් ගෙන නැතත් නිශ්චිත වශයෙන්ම මහ මැතිවරණයට ඉදිරිපත් වීම මුල් කරගෙන මෙම සන්ධානය බිහිකිරීමට සූදානම් කර ඇති බවත් ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයන් ලක්ෂ 3ක් අයින් කළත් වැඩ ටික ප්‍රශ්නයක් නැතිව ලේසියෙන්ම කරන් යන්න පුලුවන්! රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්!

Next Post

ලංකාවේ පාසල් දරුවන් 43 ලක්ෂයක් මුහුණ දෙන ගැටලු එකින් එක පෙන්වයි! ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගොඩගන්න ප්‍රතිපත්තිය විපක්ෂනායක කලින්ම කියයි! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.