චීන ජනාධිපති ෂි ජින් පිං සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ(13) රාත්‍රියේ දුරකතන සංවාදයක් සිදුව ඇත.
මෙහිදී කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සහ පාලනය කිරිම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහයෝගිතාව ලබා දෙන බව ප්‍රකාශ කර ඇති චින ජනාධිපතිවරයා චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරිම පිළිබඳවද සාකච්ජා කර තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා චීනය ගෙන ගිය අරගලයට ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය අගය කළ චින ජනාධිපතිවරයා චීන ජාතිකයින් රැකබලා ගැනිම පිළිබඳව රජයට සහ ශ්‍රී ලාංකීය ජනතාවට ස්තුතිය පළ කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ තම රටේ ආර්ථිකය හා සමාජ සංවර්ධනය නඟා සිටුවීම සඳහා චීනය ලබා දෙන සහයෝගයන්ට හා උපකාරයන්ට කෘතවේදී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ආර්ථිකය වෙළදාම සංචාරක හා යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල හුවමාරුව සහ සහයෝගීතාව වැඩිදියුණු කිරිම සඳහාත් කොළඹ වරාය නගරය වැනි ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහාත් චීනය සමඟ කටයුතු කිරිමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.










