මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව හම්බන්තොට වරායට මීට සුළු මොහොතකට පෙර පිවිස තිබෙනවා.
මෙම නෞකාව අද දිනයේ සිට මෙම මස 22 වෙනිදා දක්වා හම්බ්න්තොට වරායේ නැංගුරම්ලා තැබීමට පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබුණා.
මෙම අධි තාක්ෂණික චීන පර්යේෂණ නෞකාව චීනයෙන් පිටත්වූයේ ඉකුත් ජූලි 14 වනදායි. ඒ, හම්බන්තොට වරායට පැමිණීමේ අරමුණින්.
මෙම චීන නෞකාව සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතු වුණේ දිවයිනට පැමිණෙන එම නෞකාව පිළිබඳ ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවට අවධාරණය කිරීමත් සමගයි.